අනුර ඩුමුක අමුල් අමුල් - විමල්

Published in පුවත්
Tuesday, 13 February 2024 10:27

"අනුර දිසානායකට ඉන්දියාවට එන්න කියලා අමුල් එක බලන්න එක්කන් යනවා.

එයා අමුල් එක බලන අතර මෙහේ ඉන්න එයාගේ ගෝලයෝ මිල්කෝ ඒක ඉස්සරහ මේක අමුල් එකට විකුණන්න එපා කියලා පෙත්සම අත්සන් කරනවා. මේ විකාර දැකලා සමාජ මාධ්‍යයේ තරුණ කොල්ලෙක් දාලා තියෙනවා අනුර ඩුමුක අමුල් අමුල් කියලා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

"9න් පසුව ශ්‍රී ලංකාවේ ඉරණම" මැයෙන් ජාතික නිදහස් පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සංවාදශීලී ජනහමු මාලාවේ තවත් වැඩ සටහනක් කැස්බෑව ආසන සභාව විසින් පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේදී පෙරේදා (11 වැනිදා) පැවැත්විනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද කීය.

"අනුර දිසානායකට ඉන්දියාවට එන්න කියලා අමුල් එක බලන්න එක්කන් යනවා. එයා අමුල් එක බලන අතර මෙහේ ඉන්න එයාගේ ගෝලයෝ මිල්කෝ ඒක ඉස්සරහ මේක අමුල් එකට විකුණන්න එපා කියලා පෙත්සම අත්සන් කරනවා. මේ විකාර දැකලා සමාජ මාධ්‍යයේ තරුණ කොල්ලෙක් දාලා තියෙනවා අනුර ඩුමුක අමුල් අමුල් කියලා. දැන් ඉන්දියාවේ ගිය අර අනුර ඩුමක කට්ටිය එක්ටා ගිවිසුම ගැන වචනයක් කියනවද. ඒව ගැන වචනයක් කියන්නේ නෑ. අරූ හොරා මූ හොරා අරූ කෑවා මූ කෑවා කියලා විතරයි කියන්නේ. මේ ආර්ථිකය අමාරුවේ වැටුණු වෙලාවේ ඒ අමාරුව පාවිච්චි කරලා මිනිසුන්ගේ තියෙන අවධානය ජීවත්වීම කියන ප්‍රශ්නයට කොටුවෙච්ච වෙලාවේ ඒ වාසිය පාවිච්චි කරලා මේ වගේ ගිවිසුම් ගහලා අනාගත පරපුරට බිම්අඟලක් උරුම වෙන්න තියෙන එක නැති වෙනවා.

ඒ වගේම ඉදිරියේදී ලංකාව ඇතුළත ව්‍යවහාරික මුදල් ඒකකයක් බවට ඉන්දියානු රුපියල පත්වෙනවා. ඒ වගේම මේ කාලේ තමයි බුද්ධ චීවරයට වැඩියෙන්ම පහර දෙන කාලය. තරුණ හාමුදුරුනමක් පේරාදෙණිය පැත්තේ විශාල චෛත්‍යයක් හදනවා මිනිස්සුන්ගේ උදව් උපකාර ඇතිව. මේ දවස්වල අර බෞද්ධ නිරාගමික නඩය ඒ ස්වාමීන් වහන්සේට පහර දෙනවා. ඒකට හේතුව තමයි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඒ චෛත්‍ය වැඳ ගන්න ගියපු වෙලාවක හාමුදුරුවෝත් එක්ක ඉන්න පින්තූරයක් තියෙනවා." යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us