අපොස උසස්පෙළ විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ අයදුම්පත් භාර ගැනීම ඊයේ දිනයෙන් අවසන් වුණා. අපොස උසස්පෙළ විභාගය සදහා පාසල් අයදුම්කරුවන් 204984 දෙනෙකු ඉල්ලුම් කර තිබෙනවා. 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සදහා අයදුම්පත් 243704 ක් යොමු කෙරුණා.

රටේ අභ්‍යන්තර ගැටලු විසඳීමට බාහිර යාන්ත්‍රණයක කිසිදු අවශ්‍යතාවයක් නැති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු සුබසාධන රාජ්‍ය ඇමැතිධුරයෙන් ඉල්ලා අස් වූ මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියාමාර්ග ගන්නේ ද නැද්ද යන්න පිළිබඳව පක්ෂ නායක අගමැති මහින්ද රාජපක්ෂ මෙරටට පැමිණි පසු තීරණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පැවසීය.

කටුනායක ගුවන් තොටුපොළට ප්‍රහාරයක් එල්ල කරන බවට ගුවන් තොටුපොළේ නිල වෙබ් අඩවිය වෙත ලද ඊමේල් පණිවුඩයක් හේතුවෙන් ගුවන් තොටුපොළ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇත.

ඊයේ දිනය වන විට කොවිඩ් මර්දනය උදෙසා මෙරට ලබා දී ඇති එන්නත් සංඛ්‍යාව සහ එන්නත් වර්ගය පහත දක්වා ඇති පරිදිය.

මෙරට 16 වන මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) වැඩ භාරගැනීමට නියමිතය.

මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිතයන් අතුරින් තවත් 1,354 ක් සුවය ලබා තිබේන බව වාර්තා වෙනවා.

උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ බඳවාගෙන දැනට පුහුණුව ලබමින් සිටින උපාධිධාරීන් 53,000 ක පිරිස මාස තුනක් ඇතුළත රාජ්‍ය ආයතනවල රැකියා සඳහා අනුයුක්ත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ld add copy

Latest News

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ

උසස් පෙළ විභාගය අදින් ඇරඹේ

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 05 වනදා දක්වා...

Connet With Us