අහිමි වූ විදේශ ආයෝජන නැවත මෙරටට ගෙනවා -මනුෂ

Published in පුවත්
Thursday, 14 December 2023 08:33

ලංකාව බංකොලොත්වීම නිසා මෙරට අයෝජනය කිරීමට නොහැකි වූ ආයතන රැසක් ළඟදීම තමන්ගේ අයෝජන මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත්, එමගින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙනදා නොවූ පිබිදීමක් ඇතිවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

නව අයෝජනයන් මෙරටට පැමිණිමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීන් වල නියැලෙන පිරිසගේ ආදායම් මට්ටමද ඉහළ යනු ඇති බවත් එමගින් සමස්ථ ආර්ථිකයේම පිබිදීමක් සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මෙරට අවදිමත් අංශයේ රැකියා වල නිරතවන සියලුදෙනා හට ගෞරවනීය බවක් සහ සුරක්ෂිත බවක් ලබාදීමට දියත්කර ඇති “ගරු සරු” වැඩසටහන යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තීය මට්ටම ඉහළ දැමීම හා වෘත්තීය සුරක්ෂිත බව ආරක්ෂා කිරීම පිළිබඳව පැවති සාකච්ඡාව අතරතුරදීය

''අවුරුදු එකහාමාරකට විතර ඉස්සෙල්ලා අපිට මොන වැඩක්වත් තිබුනේ නැහැ. අපි හැමෝම ජීවත් වෙන්න අමාරු තැනකට වැටුනා. මොන කාර්මාන්තයක්වත් ක්‍රියාත්මක වුනේ නැහැ.
අදටත් ඉදි කිරීම් ක්ෂේත්‍රයේ නිසි ආරම්භයක් සිදුවෙලා නැහැ. තාමත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු සිදුවෙන්නේ ඉතාමත්ම සෙමින්. දැන් තමයි ටික ටික පටන් ගන්න හදන්නේ. ජනවාරි, පෙරබාරි, මාර්තු වෙනකොට තමයි රටේ ආර්ථිකයේ වෙනස ඇති කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ.
අපිට වැට් බදු ගහනවා, විදුලි බිල, ජල බිල, ජීවන වියදම වැඩී කියලා චෝදනා එල්ල වෙනවා. ඒත් මුකුත් නැතිව මේ රටේ මිනිස්ස මැරිල යන එක වලක්වා ගන්න අපිට පුළුවන් වුනා. ඒ වගේම අපි ටිකක් අමාරුවෙන් කාලය ගත කළා. ඒත් දැන් ඇවිත් තියෙන්නේ මේ තත්ත්වයෙන් මිදෙන අවස්ථාවයි.
අපි ණය ගෙවනන් බැරිව බංකොලෙත් රාජ්‍ය විදිහට නම් කරපු රටක්. ඒත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබුනා. තව ටික දවසකින් අපිට අපි බංකොලොත් නෑ කියලා කියන්න හැකියා ලැබෙනවා''

 

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us