ලංකා සතොස ආයතනය මගින් ලබාදෙන රුපියල් දහසේ සහන මල්ල ඇතුළු තවත් භාණ්ඩ 27ක මිල පහළ දැමීමත් සමග සතොස දෛනික ආදායම රුපියල් කෝටි 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂගේ උපදෙස් පරිදි කොළඹ නගරයේ පැල්පත්වාසීන් වෙනුවෙන් අංග සම්පුර්ණ නිවාස 40, 000ක් ඉදිකිරීමේ වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය මගින් මැද කොළඹින් ආරම්භ කෙරේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය ඊයේ (2021-04-05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ අවසන් වාර්තාව කමිටුවේ සභාපති, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත භාර දෙනු ලැබීය.

පැය 24 ක් ඇතුළත සියලුම පිළිකාකාරක විෂ සහිත ආහාර හා ආයතන ලිඛිතව ලබා දෙන බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති පොරොන්දු වූ බව මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් යොදා ඇත.

bikkhun2

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 සිට ලබාදීම ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද ( 05 ) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර ඇත.

රුපියල් ලක්ෂ 85කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් බියගම ප්‍රදේශයේදී සිදුකල සෝදිසි මෙහෙයුමකදී සොයාගෙන තිබෙනවා.

මගී ප්‍රවාහන බස් රථවලට වෙස්වළාගත් පොලිස් නිලධාරීන් අද (05) සිට යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කර තිබෙනවා.

ld add copy

Connet With Us