ප්‍රචණ්ඩත්වය වැපුරූ, අනුබල දුන් සියළු දෙනා අත් අඩංගුවට !

Published in පුවත්
Monday, 16 May 2022 21:25

සාමකාමී උද්ඝෝෂකයින් සිටි 'මයිනා ගෝ ගමට’ සහ ගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධීන් වලට සම්බන්ධ හිටපු ඇමතිවරු ඇතුළු 22 දෙදෙනකු වහාම අත්අංඩගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතීපතිවරයා පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද ලිඛිතව උපදෙස් දී ඇත.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විර්ශන සම්බන්ධ උධෘත ඇතුළු සංක්‍ෂප්ත තොරතුරු නීතීපති දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් විසින් සළකා බැලීමෙන් අනතුරුව පොලිස්පතිවරයාට සහ රහස් පොලිසිය බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නීතීපතිවරයා එලෙස උපදෙස් දී ඇත.

එම අපරාධ සිද්ධීන් සම්බන්ධයෙන් දේශපාලනඥයින්ට අමතරව කොළඹ ප්‍රදේශය බාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාද වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතීපතිවරයා වැඩිදරටත් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත.

අත්අඩංගුවටට ගන්නා ලෙස උපදෙස් දී ඇති පිරිස අතර හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත, පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, මිලාන් ජයතිලක, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, කොළඹ නාගරික මන්ත්‍රීවරයකු සහ ස්වයං රැකියා නියුක්තිකයින්ගේ සම්මේලනයේ සභාපති වන මහින්ද කහඳගම, සමාජ ක්‍රියාකාරිකයකු බව කියන ඩෑන් ප්‍රියසාද්, නමැත්තෝද වෙති.

හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධයෙන් දී ඇති උපදෙස් මොනවාදැයි කළ විමසීමකදී මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වල උධෘත ඇතුළු සංක්‍ෂප්ත තොරතුරු සමීපව සළකා බැලීමෙන් අනතුරුව ඔහු සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දීමට පියවර ගනු ඇතැයි නීතීපති දෙපාර්තමෙන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වල ප්‍රගතිය නීතීපති දෙපාර්තමෙන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්‍ෂා කරන බවත් ඉන් අනතුරුව මෙම සිද්ධීන් සම්බන්ධයෙන් ගතයුතු වැඩිදුර පියවර සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් දීමට පියවර ගන්නා බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර මෙම 'මයිනා ගෝ ගමට’ සහ ගෝඨා ගෝ ගමට’ පහර දීමේ සිද්ධිවලින් පසුව රටපුරා ඇතිවූ ප්‍රතිප්‍රඩණ්ඩ ක්‍රියාවන්ට සම්බන්ධ 400 කට අධික ප්‍රමාණයක් මේ වන විට අත් ඩංගුවට පත්ව ඇත. එසේම ඉදිරි දින කිහිපයේදී තවත් සියගනනක් අත් අඩංගුවට ගැනීමට නියමිත අතර මේ වන විට ප්‍රදේශවලින් පලා ගොස් සිටින මැර පිරිස් සොයා පොලිසිය විමර්ශන සිදුකරමින් තිබේ.

මේ අතර ප්‍රතිප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වූවන් අත් අඩංගුවට ගැනීමට එරෙහිව ගාළු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයෙහි යෙදී සිටින කණ්ඩායම් රජයට එරෙහිව උද්ඝෝෂණය කරමින්ද තිබේ. විශේෂයෙන්ම ජවිපෙ සහ පෙරටුගාමී පක්ෂ මූලික කරගත් කණ්ඩායම් මෙම උද්ඝෝෂණ මෙහෙයවිමින් තිබේ. මෙයට හේතුව වී ඇත්තේ රට පුරා ප්‍රචණ්ඩත්වය වැපිරීම සහ සමාජ මාධ්‍ය හරහා ප්‍රඩණඩ කටයුතු කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් මෙම පක්ෂ ක්‍රියාකාරීන්ට චෝදනා එල්ලවීම නිසා බව දැන් පැහැදිලි කරුණකි.

එක් ප්‍රහාරයක් වැරදි වන්නත් අනෙක් ප්‍රහාරය නිවැරදි වන්නත් හේතුවක් නැත. නීතිය කාටත් පොදුය.ශ්‍රී ලංකා නිතිඥ සංගමයේ සභාපති ජනාධිපති නිතිඥ සාලිය පීරිස් මහතාද අවධාරණය කර තිබුණේ ප්‍රචණ්ඩ කටයුතු වලද දායක වූවන් සියලු දෙනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවය. පසුගිය කාලයේ සාමකාමී ලෙස අරගලයෙහි යෙදුනු පිරිස් වෙත නොමිලයේම මැදිහත් වී නීතිඥ සහය ලබා දීමට නිතිඥ සංගමය කටයුතු කළද මෙම නීති විරෝධි කටයුතු කළ අපරාධකරුවන් සම්බන්ධයෙන් මැදිහත් නොවන බව පෙන්වා දී ඇත.

කොහොම නමුත් ප්‍රචණ්ඩ ක්‍රියාවන් බොහොමයක්ම පෙර සංවිධානය වී සැලසුම් සහගතව සිදුකර ඇති බව පොලිස් විමර්ශන වලින් මේ වන විට හෙළි වෙමින් තිබේ. ජනතාව අතරින් ස්වයංව ප්‍රචණ්ඩත්වයට යොමුවීම් ඉතා අඩු නමුත් ජනතාව ඒ් සඳහා පෙළඹවීමත් සංවිධානාත්මක කණ්ඩායම් වෙතින් සිදුව තිබේ.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us