විරෝධතා නොතකා 21 කැබිනට් මණ්ඩලයට. බැසිල්වාදීන්ගේ විරෝධය පළ දරයි. Featured

Published in Video
Monday, 23 May 2022 22:06

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථ සංශෝධන පනත් කෙ‍ටුම් පත අද දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ කටයුතු කරනු ලැබීය. අද දින මෙම කෙ‍ටුම් පත ඉදිරිපත් කිරීම වැලැක්වීම සඳහා පොදුජන පෙරමුණු කණ්ඩායම ජනාධිපතිවරයාට බලපෑම් කර තිබු බව ඊයේ වාර්ථා විය. එසේම එය ඉදිරිපත් කළහොත් අනුමත නොකරන ලෙසටද ජනාධිපතිවරයාට බලපෑම් කර තිබුණු බවත් වාර්තා විය.

කෙසේ නමුත් අද දින එම විරෝධතා කිසිවක් නොසලකා 21 වන සංශෝධන පනත් කෙ‍ටුම් පත ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණු අතර වාර්තා වන ආකාරයට ඒ සම්බන්ධයෙන් උණුසුම් තත්වයක් ඇතිව තිබේ. එමෙන්ම එය අනුමත කිරීමෙන් වැලැකි සිටීමට ජනාධිපතිවරයාද කටයුතු කර ඇති අතර පසුව පනත් කෙ‍ටුම් පත පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ට ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් යෝජනා අනුව තවදුරටත් සංශෝධනය කර නැවත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට එකඟත්වයකට පැමිණ තිබේ.

මෙවැනි පියවරක් අනුගමනය කිරීමේ නිත්‍යානුකූල අවශ්‍යතාවයක් නොමැති නමුදු තවදුරටත් මෙය කල් දැමීම සහ එය නොකෙරෙන තැනට කුමණ හෝ උපක්‍රමයක් සොයා ගැනීම වෙනුවෙන් මෙම පියවර ගැනීම සිදුකළ බව පෙනෙන්න තිබේ.

මෙම සංශෝධන පනත් කෙ‍ටුම් පත ම‍ඟින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු නියෝජනය අහිමි වන බැවින් ඒ හරහා ඇමරිකානු පුරවැසි බැසිල් රාජපක්ෂගේ මන්ත්‍රීධුරය අහිමි වීමේ අවදානම මත පොදු ජන පෙරමුණේ බැසිල් වාදී මන්ත්‍රීවරුන්ගේ දැඩි විරෝධයට මෙය ලක්ව තිබිණි.

එසේම මෙතුවක් කල් ජනාධිපතිවරයාගේ විධායක බලතල අනියම් ආකාරයකින් පාවිච්චි කරමින් සිටි බැසිල් රාජපක්ෂට එම බලය අහිමි වීම තුළ ඇතිවන අවාසිදායක තත්වය නිසාත් මෙම කෙ‍ටුම්පතට එරෙහිව ඔවුන් ඉදිරියටත් කටයුතු කරනු ඇතයි උපකල්පනය කළ හැකිය.

කෙසේ නමුත් මෙම සංශෝධනය මෙලෙසම සම්මත නොවුණහොත් නැවත රට අරාජිකත්වයට පත් වීම සහ රට තුළ යළි දරුණු ප්‍රතිචාර සහිත මහජන කැ‍රැලිකාරිත්වයක් ඇති වීමේ විශාල ඉඩකඩක් නිර්මාණය වෙමින් තිබේ.මේ වන විටත් අද දින කැබිනට් මණ්ඩලය මෙය අනුමත නොකිරීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් සමාජ මාධ්‍ය තුළ දකින්නට තිබේ.

Leave a comment

Gossip

හර්ෂණ නෑ කිව්වට සජබයෙන් පොදු අපේක්ෂකයෙක් ලු එන්නේ   

හර්ෂණ නෑ කිව්වට සජබයෙන් පොදු අපේක්ෂකයෙක් ලු එන්නේ  

හිටපු ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහට සමගි ජන බලවේගය සමඟ එක්වන ලෙස ආරාධනා කර ඇති නමුත් ඔහු විපක්ෂයේ පොද...

රොෂාන්ගේ නීතිවිරෝධී වැඩ නිසා ජනපති රනිල්ගේ ඉල්ලීමත් ICCය ප්‍රතික්ෂේප කරයි

රොෂාන්ගේ නීතිවිරෝධී වැඩ නිසා ජනපති රනිල්ගේ ඉල්ලීමත් ICCය ප්‍රතික්ෂේප කරයි

උපාලි ධර්මදාස සහ රඛිත රාජපක්ෂ විසින් ICC ප්‍රධානීන් වෙන වෙනම හමුවී ලිපි ඉදිරිපත්කිරීමට ගන්නා ලද සියල...

ICC ප්‍රධානීන් මුණගැසීමට ගිය උපාලිවයි රඛිතවයි ආපසු හරවා එවයි

ICC ප්‍රධානීන් මුණගැසීමට ගිය උපාලිවයි රඛිතවයි ආපසු හරවා එවයි

ක්‍රීඩා ඇමතිවරයාගේ ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහි පෙත්සම සඳුදා දිනයේදීය අධිකරණයේ විභාගයට ගැනුණි. ඒ අතර...

නාමල් කාගේ හරි ලණු කනවා, මහින්ද රනිල්ට කියයි

නාමල් කාගේ හරි ලණු කනවා, මහින්ද රනිල්ට කියයි

ජනපති රනිල් පහුගිය අඟහරුවාදා අයවැය විවාදය පැවැත්වෙන අතරතුර පාර්ලිමේන්තුව වෙත ගොස් තිබිණි. නමුත් සභා...

Connet With Us