නොකළ වරදකට දඬුවම් විඳින මල් කැකුළු

Published in අනං මනං
Tuesday, 28 July 2015 17:10

ළමයි මල් වගේ අහිංසකලු. නමුත් ඇත්තටම මේ ලෝකෙ ළමයින්ට මල්වලට වගේ සළකනවද?

 දහස් ගණනක් කුඩා දරුවෝ යුද්ධය,දුප්පත්කම සහ රැකවරණයක් නොමැති කමෙන් මිය යනවා වගේම පීඩා විඳිනවා.  නමුත් ලෝකයේ සෑම රටක්ම පාහේ ළමයින් වෙනුවෙන් විවිධ විදිහේ නීති රීති නම් හඳුන්වා තිබෙනවා.

මේ ඉන්නෙ අහමඩ් හමොඩ්. එයා සිරියානු යුධ අනාථයෙක්ලු. එයා සිරියාවේ වසර හතරක් පුරා පවතින යුද්ධය හේතුවෙන්  සරණාගතයෙක් ලෙස ලෙස තුර්කියට පැමිණ තිබෙනවා.

මේ කුඩා දරුවගෙ ජීවිකාව  මහ මඟ  යන එන උදවියට ටිෂූ අලෙවි කිරීම. නමුත් මේ හේතුව නිසා ඔහුට සිද්ධ වෙනවා  ඔහු ටිෂූ අලෙවි කරන මාර්ගය අසල තිබෙන අවන්හලේ අයිත්කරුගෙන් පහර කන්න.

මේ පහර දීමට හේතුව ලෙස අවන්හලේ අයිතිකරු සඳහන් කරන්නේ අවන්හලට පැමිණෙන පාරිබෝගිකයන්ට අහමඩ් ගෙන් බාධා සිදුවීමයි.

පහර කෑමෙන් තුවාල ලබා ලේ ගලන නහයකින් යුතුව සිටින අහමඩ්ගේ  සංවේදී ඡායාරූප පෙළ පිළිබඳ මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා.

මීට මාස හයකට පමණ පෙරත් ඉස්තාන්බුල් නගරයේ ප්‍රසිද්ධ අවන්හලක් ඉදිරිපිටදී සිරියානු දරුවෙක් මේ ආකාරයටම පහර කෑමට ලක්ව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සරණාගත වාර්තාවන්ට අනුව තුර්කිය තුල සිරියානු සරණාගතයන් මිලියන 1.7ක් පමණ වාසය කරනවා . සිරියානු සරණාගතයන් විශාල ප්‍රමාණයක් දකුණු තුර්කියේ තාවකාලික කුඩාරම් වල රඳවා  ඇතත් බොහෝ පිරිසක් මහා පාරේ දිවි ගෙවන බව සඳහන් වේ.

ahamed1

ahamad2

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us