ටොයෝටා පරදා වොක්ස්වැගන් ඉදිරියට

Published in අනං මනං
Wednesday, 29 July 2015 16:39

ලෝක ප්‍රසිද්ධ ජර්මානු වාහන නිෂ්පාදන ආයතනයක් වන වොක්ස්වැගන් මේ වසරේ ජනවාරි සිට ජුනි අතරතුර කාලයේදී ඇමරිකානු ඩොලර් මිලියන 5.04 ක වාහන විකුණා ඇති බව වාර්තා වේ.

නමුත් ටොයෝටා සමාගමට එම කාල සිම්වේ විකිණීමට හැකිව තිබෙන්නේ මිලියන 5.02 ක වාහන පමණි. මෙම තත්ත්වය වොක්ස්වැගන් ආයතනයේ විකුණුම් සමග සැසදීමේදී අඩු අගයක් පෙන්වන අතර ටොයෝටා සමාගමට අනුබද්ධ වෙනත් සමාගම්වලද විකුණුම් වල අඩුවක් පෙන්වන බව වාර්තා වේ.

රුසියාවේ සහ චීනයේ මෝටර් රථ සමාගම් නිෂ්පාදනයේදී විවිධ අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කළත් වොක්ස්වැගන් ආයතනය අවධානය යොමු කරන්නේ පිටත පෙනුම ගැන බව පැවසේ.

පෝශේ සහ අවුඩි නිෂ්පදකයින්ද පවසන්නේ මෙම වසරේ විකුණුම් සතුටු දායක බවයි.

වොක්ස්වැගන් නිෂ්පාදනවල තනි විශාලම ගැනුම්කරුවා වන චීනයේ විකුණුම් 4% දක්වා අඩුවී තිබුනත් උතුරු ඇමරිකාවේ විකුණුම් ප්‍රතිශතය 6% දක්වා වැඩිවී තිබේ.

යුරෝපය තුල ටොයෝටා නිෂ්පාදන විකුණුම්වලද යම් වර්ධනයක් පෙන්වුවද වෙනත් අභියෝග රැසකට ඔවුන් මුහුණ දී ඇති බව පැවසෙනවා. ටොයෝටා වාහන තුල පවතින air bag හි පවතින දුර්වලතා හේතුවෙන් බොහෝ සමාගම් මිලදී ගත් වාහනත් නැවත ලබාදීමට පියවර ගෙන තිබේ.

වොක්ස්වැගන් ආයතනය ශ්‍රී ලංකාවේද නිෂ්පාදන ආයතනයක් ඇරඹීමට නියමිත බව මීට පෙර වාර්තා විය.

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

Connet With Us