ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල් හි ස්ථාපිත සමාගම් සමඟ ඇති කර ගනු ලබන දිගුකාලීන ගිවිසුම් මත ඉන්ධන ලබා ගැනීමට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

'අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා' යැයි ජාතික ජන බලවේගයේ (ජවිපෙ) නායක අනුර කුමාර දිසානායක යාපනයේ පැවති ජවිපෙ දිස්ත්‍රික් සමුළුවක් අමතමින් ඔහු පවසා තිබේ. මව්බිම පුවත් පත වාර්ථා කර තිබු මෙම පුවත අනුව එහි වැඩිදුරටත් මෙසේ සටහන් කර තිබිණි.

කොවිඩ් ලෝක වසංගතයත් සමඟ ලෝක පොහොර නිෂ්පාදනය හා බෙදා හැරීම කඩා වැටී ඇත.

ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ සම්පූර්ණ චිත්‍රය තවම කිසිවකුට පෙනෙන්නේ නැත. එය තවම නොපැහැදිලිය. එහෙත් නුදුරේදී නැරඹිය හැකි සම්පූර්ණ චිත්‍රය ගැන නොයෙක් කතන්දර තිබේ. බොහෝ දෙනෙක් කියන්නෙ එය වර්ණවත් අලංකාර චිත්‍රයක් වනු ඇති බවය. සුබවාදී බලාපොරොත්තු ඇතිව සිටින ඒ පිරිසට අනුව මේ වන විට පවතින අර්බුදකාරිත්වයන් තව කෙටිකලකින් නිම වෙනු ඇත.

වෙළෙඳපොළ තත්ත්වයන් නිරීක්ෂණය කරන විට මේ වන විටත් ආහාර අර්බුදයක් පවතින බව රහසක් නොවේ..

අප මුහුණ දී තිබෙන ආර්ථික අර්බුද ගනනාවේ මූලය ඇත්තෙ මෙරට විදේශ සංචිත හිඟවීම සම්බන්ධ ගැටළුව පදනම් කරගෙනය. මේ තත්වය ඇතිවීමට හේතුව වූයේ රාජ්‍ය පාලනයට හවුල් වූ දේශපාලනඥයන්ගේ මුගධ තකක්ඩි තීන්දු තීරණ නිසා බව පැහැදිලි නමුත් එම ගැටළුව නිරාකරණය වේ නම් මේ රටේ ආර්ථික අර්බුදයයන් විසඳා ගැනීම ප්‍රශ්නයක් නොවේ.

පවතින අර්බුදය හමුවේ අපගේ ක්‍රමවේද වෙනස් විය යුතු යැයි රාජ්‍ය නායකයා නිතර සිහිපත් කරයි.

ආණ්ඩුව රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ඉතා වැදගත් තීරණ දෙකක් ගෙන තිබේ. පළමුවැන්න සමස්ත රාජ්‍ය සේවය පිළිබඳ අධ්‍යයනයක් සිදුකොට එය ප්‍රතිසංවිධාන කිරීමට පියවර ගැනීමය.

Connet With Us