වගා කිරීමට ජනපතිගෙන් දීරි ! Featured

Sunday, 26 June 2022 14:47

කොවිඩ් ලෝක වසංගතයත් සමඟ ලෝක පොහොර නිෂ්පාදනය හා බෙදා හැරීම කඩා වැටී ඇත.

ලෝක බැංකුවේ සභාපතිවරයා පෙන්වා දෙන අන්දමට පොහොර අර්බුදයක්, ආහාර හිඟයක් හා බලශක්තිය පිළිබඳ අවුලක් ද ලෝක මට්ටමෙන් ව්‍යාප්ත වනු ඇත. ඊට මුහුණ දීම සඳහා උපායමාර්ග එකිනෙක රාජ්‍යයන් සොයා ගත යුතුව තිබේ.-

යල කන්නය අත්හරින්න එපා යැයි මෙරට ජනාධිපතිවරයා වී ගොවීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. රසායනික පොහොර හෝ කාබනික පොහොර හෝ යොදමින් වී වගාව කරගෙන යන ලෙස ද රාජ්‍ය නායකයා ඉල්ලීමක් කරයි. රසායනික පොහොර සම්බන්ධයෙන් ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකින් ඉල්ලීම් කර ඇති අතර ඊට සාර්ථක ප්‍රතිචාර ලැබී ඇති බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි. මේ අනුව අපේ වී ගොවීන් ‍ජනාධිපතිවරයාගේ ඉල්ලීමට සාර්ථක ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපි විශ්වාස කරමු. මේ වන විටත් රජය පනවා තිබූ රසායනික පොහොර තහනම ඉවත් කරගෙන රසායනික පොහොර ආනයනය ආරම්භ කර තිබේ.
ළඟ එන ආහාර අර්බුදයක් ගැන හැම පැත්තෙන් ම අනතුරු හැඟවීම් ලැබී ඇත. කෘෂිකර්ම විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ හැකි සෑම බිම් අඟලකම වගා කිරීම හැර මීට වෙනත් විසඳුමක් නැති බවය. ගෙවතු වගා වැඩසටහනක් ද මේ අතර ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ භූමිය, පස, දේශගුණය ඇතුළු තවත් බොහෝ සාධක ගොවිතැනට හිතකරය. ඒ හැරෙන්නට ගොවිකම පිළිබඳ අතීත උරුමයක් ද අපට තිබේ. අතීතයට එබී බැලුවහොත් ශ්‍රී ලංකාව යනු ආහාර අතින් ස්වයංපෝෂිත රාජ්‍යයකි. පෙරදිග ධාන්‍යාගාරය යන නමින් ශ්‍රී ලංකාව හඳුන්වන්නේ ද ඒ නිසා ය. එහෙත් එය ඉතිහාසයට සීමා වී ඇත. මේ වන විට බොහෝ දේවල් පිටරටින් ගෙන්වීමට අප හුරු-පුරුදු වී ඇත.

මේ කන්නයේ වී වගාවෙන් බොහෝ ගොවීන් ඉවත් වී සිටින බවට ද ඒ ඔස්සේ යල කන්නයේ අස්වැන්න බොහෝ සෙයින් අඩු විය හැකි බවට ද වාර්තා පළ වී ඇත. සමහරු මෙය අතිශයෝක්තියට නඟමින් සහල් කිලෝව රුපියල් පන්සියයක් වනු ඇතැ’යි ද සහල් පෝලිම් අත ළඟ එනු ඇතැ’යි ද පුරෝකථන ඉදිරිපත් කරති. එය එසේ වීමටත් නොවීමටත් හැකිය..එහෙත් එය එලෙසින්ම සිදුවනවා දැකීමට ඇතැම් දේශපාලන පක්ෂ හීන දකිමින් යයි..එහෙත් ඔහුන්ට අමතක මෙරටට සිදු වනවානම් යම් අර්බුදයක් අඩු වැඩි වශයෙන් ඔහුන්ටද එයින් බැට කෑමට සිදුවන බවය. කෙසේ වෙතත් නිෂ්පාදනය වැඩි කිරීමට පියවර ගත යුතුය. ආහාර සුරක්ෂිතතාව ගැන ද අවධානය යොමු කළ යුතුය. අර්බුදය ගැන විවේචන ඉදිරිපත් කිරීමට වඩා ඊට විසඳුම් ලෙස කුමක් හෝ ඉටු කිරීම වඩා වැදගත් වන්නේ අන්න එ නිසාය.

-මහේෂි

Leave a comment

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us