මාස දෙකකට අධික කාලයක් පවතින දැඩි නියඟය හේතුවෙන් පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් දොළහක, පවුල් දෙදහස් දහයක් පමණ පීඩාවට පත් වී ඇති බැවින් බවුසර් මගින් ජලය බෙදාහැරීම ආරම්භ කර තිබේ.

කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ ජලයේ ගුණාත්මකභාවයට බලපෑ හදිසි තත්ත්වය ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව මේවන විට නිරාකරණය කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් නවීකරණය කෙරුණු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්ප‌ළෙහි තැනින් තැන බුලත් කෙළ ගසා සහ මූත්‍රාකර අපවිත්‍ර කළ පුද්ගලයන් 1029 දෙනකු හඳුනාගෙන ඔවුන් ලවාම එම ස්ථාන පිරිසුදු කරවීමට ක්‍රියා කළ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

එල් නිනෝ බලපෑම හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7ක් බලපෑමට ලක්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පෙන්වා දෙනුයේ එම දිස්ත්‍රික්ක 7හි ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 23ක් වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව

බදුල්ල ශික්ෂණ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.

2025 වසරේ උසස් පෙළ හදාරා විශ්වවිද්‍යාලවලට තේරී පත්වුණු සිසුන් සැප්තැම්බර් මස වන විට බඳවා ගන්නා ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් උපදෙස් ලබාදුන්නද එය කළ නොහැකි බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාරිය රුචික ප්‍රනාන්දු පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (24) පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබේ.

ld add copy

Connet With Us