වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

Published in Gossip
Thursday, 02 October 2025 14:52

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇමතුම් විශාල ප්‍රමාණයක් ලැබී තිබුණා.

එම දුරකථන ඇමතුම්වලින් විමසා තිබුණේ වජිරගේ වත්කම් පිළිබඳවයි.

ඉකුත් සතියේ වජිරගේ දුරකථනය හිටිහැටියේ කාර්ය බහුලවූයේ ඵ් නිසයි.

ඒ ඔහුගේ වත්කම් ගැන පළ කෙරුණු පුවතක් හේතුවෙන්.

කිසිදු කලබලයක් නොවූ වජිර “මම ඕක දැක්කා. කීපදෙනෙක් මට කතා කරලත් කිව්වා. ඕවට කලබල වෙන්න එපා” යනුවෙන් වජිර ඇමතුම්වලට පිළිතුරු දෙමින් පැවසුවා.
“ආණ්ඩුව හදන්නේ මොනවා හරි කරලා ඔබතුමන්ලා මර්දනය කරන්න.ඒ විතරක්ද? පසුගිය සතියේ තිබුණු සංවත්සර සැමරුමේ සංවිධායක වැඩ සියල්ලක්ම පාහේ කළේ ඔබතුමා කියලා පත්තරවල පවා ගිහින් තිබුණා.

“මේවා ඉතින් ආණ්ඩුවට හරියට රිදෙන වැඩ. ඔවුන් හිතුවා රනිල් නායකතුමා හිරේ දැම්මාම එතුමා පැත්තකට වෙලා ඉඳියි කියලා.

නමුත් එතුමා සංවත්සර කතාවෙදි අවධාරණය කළේ හිරේ දාලා නම් අපි නවත්වන්න බෑ කියලා.

ඒවාට රිදිලා වෙන්න ඇති ආණ්ඩුව ආපහු මෙහෙම කතාවක් ඇදලා ගන්න ඇත්තේ” වජිරට ඇමතුම් දුන් බොහෝ දෙනා කීවේ ඵහෙමයි.
"මම වත්කම් බැරකම් ඉතිහාසය පුරාම ඉදිරිපත් කළා.

මගේ පැත්තෙන් ගත්තොත් මම අවුරුදු 30 කට අධික කාලයක් මේ වත්කම් බැරකම් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වත්කම් බැරකම් ඊටත් වඩා එහාට ගිහින් සොයා බැලීමේ යාන්ත්‍රණයක් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරපු සමයේ අපේ ආණ්ඩුව විසින් සම්මත කළ දූෂණ විරෝධී පනත හරහා ඉදිරිපත් කර තිබෙනවා.

ඉතින් මේ හරහා ඒ ගැන සමාජය දැනුවත් වීම බොහෝම හොඳයි" වජිර මේ ප්‍රචාර ගැන කීවේ එපමණයි.

Last modified on Thursday, 02 October 2025 15:00

Leave a comment

ld add copy

Connet With Us