Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩතහනම් කර තිබේ.

2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් අද (08) සිට ආරම්භ වනවා. ඒ, අනුව එම ඇගයීම් කටයුතු ලබන 12 වනදා දක්වා සිදු කරණ බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් ජයිකා ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ෂෝහෙයි හාරා මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් සිදුව තිබේ.

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් සඳහා ස්ථාන මාරු කිරීම් ලබාදී තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

පොලීසිය මඟින් ආරම්භ කර ඇති බස්රථ පරීක්ෂාවට විරෝධය පළ කරමින් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බස් රථ වර්ජනය සම්බන්ධයෙන් අද (08) අවසන් තීරණයක් ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

මෙරට කුකුළු මස් චීනයට අපනයනය කිරීම නිශ්චිත ක්‍රියාවලියක් අනුව සිදුකිරීමට චීන රේගු පාලන ආයතනය සහ කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය අතර ගිවිසුමක් අත්සන් කිරීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාදී ඇත.

ld add copy

Connet With Us