ශ්‍රී පාදය වන්දනා කරන්න. කිසිදු අවදානමක් නැහැ

Published in පුවත්
Friday, 09 January 2026 20:12

ශ්‍රී පාද - හැටන් මාර්ගයේ නායයෑමට ලක්වූ මහගිරිදඹ ප්‍රදේශය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු ශ්‍රී පාදය වන්දනා කිරීමට කිසිදු අවදානමක් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය තහවුරු කර තිබේ.

ශ්‍රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයේ නායයෑමේ අවධානමක් තවදුරටත් නොමැති බවත්, ඒ අනුව එම මාර්ගයෙන් වන්දනාකරුවන්ට ආරක්ෂා සහිතව ශ්‍රී පාදස්ථානයට ගමන් කළ හැකි බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් ශ්‍රී පාද භාරකාර දොරපනේ සුමනජෝති හිමියන්ට දැනුම්දී ඇත.

දිට්වා සුළි කුණාටුවෙන් මහගිරිදඹ ප්‍රදේශයේ විශාල පස් කන්දක් කඩා වැටීමෙන් පසු ජාතික ගොඩනැගිලි සංවිධානයේ නිලධාරීන් එම ස්ථානයට ගොස් පරීක්ෂා කර බලා එම ස්ථානයේ නායයෑමේ අවදානමක් පවතින පසුගිය දිනක සඳහන් කළේය.

එම අවදානම සඳහා පිළියම් යොදන ලෙස ලබාදුන් නිර්දේශ කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ භටපිරිස් විසින් කටයුතු කර තිබුණි.

මේ වනවිට එම ස්ථානය කොන්ක්‍රීට් පැතිබැමි යොදා අලුතින් සකස්කර ආරක්ෂිත අත්වැටක්ද සවි කිරීමෙන් පසු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරින් ඊයේ (08) දින එම ස්ථානයට ගොස් නැවත පරීක්ෂා කර බලා මේ වනවිට අවදානමක් නොමැති බව ශ්‍රී පාද භාරකාර හිමියන්ට හමුවේ පවසා ඇත.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරින් ඊයේ දින ප්‍රතිසංස්කරණය කළ ස්ථානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි වාර්තාව ඉදිරි දිනයක දී නිකුත් කරන බව පැවසු බවත් ශ්‍රී පාද භාරකාර හිමියන් වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us