නාය යෑමෙන් විපතට පත් ජනතාවට  සහන කටයුතු සිදු කිරීම පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද ප‍්‍රදේශයට ගොස් තිබේ. 

ශ්‍රී ලංකාවේ ස්වාභාවික රබර් නිෂ්පාදනය දිරිගන්වන අතරම, ලෝක කෘතීම රබර් ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, මෙරට පොලිමර් නිෂ්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත්කරලීමට යෝජනා කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

කෘත‍්‍රිම ලිංගික අවයව හොරෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට රුපියල් 10,000 බැගින් දඩයක් ගෙවන ලෙස මහර අතිරේක මහේස්ත‍්‍රාත් මහින්ද ප‍්‍රභාත් රණසිංහ මහතා චූදිතයන්ට නියෝග කළේය.

බදුල්ල දිස්ත්‍රික්කයේ කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ ඇතිවූ නායයෑම හේතුවෙන් මිය ගිය එක් අයෙකුගේ අවමංගල කටයුතු වෙනුවෙන් රුපියල් 25,000ක මුදලක් ලබාදීමට රජය තීරණය කර  අැත.

නව ගුරු සේවා සහ විදුහල්පති සේවා ව්‍යවස්ථා මඟින් ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට 2008 වසරේදී ඔවුන් ප‍්‍රතික්ෂේප කළ වැටුපක් ලබාදීමටත්, අයවැයෙන් රාජ්‍ය සේවකයා ඉල්ලූ රුපියල් දස දහසක වැටුප් වැඩිවීම වෙනුවට සොච්චම් වැටුපක් ලබාදීමටත් එරෙහිව ඊයේ(29)දින ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එකතුව විසින් ගාල්ල බස්නැවතුම්පළ ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීය.

හල්දුම්මුල්ල - මීරියබැද්ද ප‍්‍රදේශයේ නායයෑමෙන් විපතට පත්වූවන්ට සහන සැළසීම සඳහා ඉන්දියාව සම්පූර්ණ සහය ලබාදීමට තීරණය කර අැත. මෙරට ඉන්දීය මහ කොමසාරිස් වයි.කේ. සිංහා විදේශ අමාත්‍ය ආචාර්ය ජී.එල්. පීරිස් වෙත දන්වා ඇත්තේ ඒ සඳහා අවශ්‍ය කරන සියලූම සහය ලබාදීමට සූදානම් බවය.

මෙරට සිටින මානසික රෝගීන් හඳුනාගැනීම සඳහා සංගණනයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

පසුගිය 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනිදා සිදුවූ සුනාමි ව්‍යසනයෙන් රටපුරා දහස්‌ ගණනකගේ ජීවිත අහිමි වූ අතර ඊට පෙර 2003 වර්ෂයේදී ඇති වූ ගංවතුරෙන් හා නායයැම්වලින් රත්නපුර, කෑගල්ල කළුතර, ගාල්ල, මාතර ඇතුළු දිස්‌ත්‍රික්‌ක කිහිපයක පුද්ගලයන් තුන්සියයකට වැඩි පිරිසකට ජීවිත හානි වාර්තා වී අැත.

ld add copy

Connet With Us