අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව මාධ්‍ය හමුවක් කැදවමින් ප‍්‍රකාශ කර සිටින්නේ සෞඛ්‍ය අධ්‍යාපනයට අදාළ නියාමනයන් සිදු කරන වෛද්‍ය සභාවට පවා බලපෑම් කරමින් මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයයේ කටයුතු සාධාරණීකරනය කිරීමට අාණ්ඩුව බලය යොදා ගනිමින් කටයුතු කරන බවයි.

දකුණු අප්‍රිකානු පාපන්දු නායක  සෙන්සෝ මෙයිවා වෙඩි තැබීමකින් ඝාතනයට ලක් වී ඇත.

ජනාධිපතිනී  ඩිල්මා රොසෙෆ් බ‍්‍රසීල ජනාධිපතිවරණය දෙවන වරටත් ජය ගැනීමට සමත්ව ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේස් ශර්මා මහතා ඊයේ (26)  යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත විය.
බොකෝහරාම් ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් ඊසාන දිග නයිජීරියාවේ පිහිටි ගම්මානයකින්  දරුවන් 30 දෙනෙකු පැහැරගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
ජාතික හැදුනුම්පත් ලබාදීමේ ජංගම සේවා ඇරඹෙයි
 
ඉදිරි ජනාධිපතිවරණයේදී සැලකිල්ලට ගැනෙන ඡන්ද හිමි නාම ලේඛණයට අනුව ජාතික හැදුනුම්පතක් හෝ පිළිගනු ලබන අනන්‍යතා පත්‍රයක් නොමැති වීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමිවන පිරිස ලක්ෂ 9 කට ආසන්නය.
මූලික වැටුප වැඩිකරන ලෙස ඉල්ලූවිට ජනතාව නොමඟ යවා සීනි බෝල අය-වැයක් ඉදිරිපත් කළ ජනාධිපතිවරයා ජනතාව මුළාකරමින්  සිටින බව  ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ වසන්ත සමරසිංහ මහතා පවසයි.

මෙරට එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාව සාමාන්‍ය පුද්ගලයින් අතර එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාවට වඩා සමලිංගික පිරිමින් අතර දහ ගුණයක් වැඩි බව එච්අයිවී ඒඞ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂක වෛද්‍ය සිසිර ලියනගේ මහතා සදහන් කරයි.

ld add copy

Connet With Us