හිටපු සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව මග්ගොන, පයාගල ප්‍රදේශයේදී ප්‍රීති උත්සව පවත්වමින් සිටි එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසකට එරෙහිව සිදු වූ වෙඩිතැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

රාජපක්ෂගේ පාලනය අවසන් කිරීම සඳහා ශ්‍රී ලනිපයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහය ලබා දීමට ඒකමතිකව තීරණය කළ බව එකසත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක මහතා අද(21) සවස සිරිකොත මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ලෙස තමාට බොහෝ ඉල්ලීම් ලැබුණු බවත්, තමන් විසින් ඒවා ප්‍රතික්ෂේප කළ බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
තමාට බලයට පෙරේතකමක් නොමැති බවත්, දේශපාලන කටයුතුවලට එළඹීම සම්බන්ධයෙන් දරුවන් පවා විරුද්ධවන බවත් ඇය කියා සිටියේ අද(21) කොළඹ, නවනගර ශාලාවේ මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළකිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තෝරා පත් කර ගැනීම පිළිබඳව තමන් බෙහෙවින් ස්තූතිවන්ත වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 
කොළඹ නව නගර ශාලාවේදී දැන් පැවැත්වෙන “ මෛත්‍රී පාලනයක් ගොඩනගමු” තේමාව යටතේ පැවැත්වෙන මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
රජයෙන් මන්ත්‍රීන් 60 දෙනකු විපක්ෂයට එක්වන බවට ලකුණු ඇති බව  එජාප මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අය වැය විවාදයේදී අද(21) ප්‍රකාශ කළේය.

අද(21) කොළඹ නව නගර ශාලාවේ මෛත්‍රීපාල සිරිසේන ඇමැතිවරයා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන බව දැනුම් දීමේ මාධ්‍ය සකච්ඡාව අතරේදී ඊට සහභාගීවී සිටි රජිව විජේසිංහ මන්ත්‍රීවරයාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් SMS පණිවිඩයක් එවමින් වහාම තම නිල රථය බාර දෙන ලෙස දන්වා තිබේ.

සුපිරිසිදු නායකත්වයක් මෛත්‍රී පාලනයක් යන බැනරය යටතේ මේ වනවිට කොළඹ නවනගර ශාලාවේදී මාධ්‍ය හමුවීමක් පැවැත්වෙයි.

ඇමැති ජනක දුකින්

Published in පුවත්
Friday, 21 November 2014 14:36

පාර්ලිමේන්තුව කුඩු කාරයින්, එතනෝල් කාරයින්ගෙන් පිරි ඇති බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ld add copy

Latest News

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක...

Connet With Us