ඉන්දු ලංකා ධීවර ගැටලුව විසඳන්න, ප්‍රධාන ඇමැතිගෙන් මෝදිට ලිපියක්
Published in
පුවත්
Thursday, 09 October 2014 11:39
ඉන්දු ලංකා ධීවර ගැටලුව විසඳීම සඳහා කඩිනම් පියවර ගන්නැයි තමිල්නාඩු නව ප්‍රධාන අමාත්‍ය ඕ.පන්නීර්සෙල්වම් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වරයි වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.
ලිංගික අතවරයට ලක්වූ ගෘහ සේවිකාව තානාපතී නිලධාරියා සඟවා ගනී
Published in
පුවත්
Thursday, 09 October 2014 11:32
නිවෙස් හිමියාගේ ලිංගික අතවර විඳ දරා ගත නොහැකි වූ ලෙබනනයේ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක උඩ තට්ටුවකින් බිමට පැන තිබේ.
ශ්‍රී ලංකාවේ වනාන්තර වලින් අල්ලා ගන්නා ලද අලි පැටවුන් කිසිදු නීතානූකූල භාවයකින් තොරව රඳවාගෙන සිටින පුද්ගලයන් සඳහා සැලකිය යුතු දඩ මුදලක් නියම කරමින් එම සතුන් දැඩි කිරීමේ හැකියාව සහ සුදුසුකම් ඇති පුද්ගලයන්ට එම සතුන්ව ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව වනජීවී සංරක්ෂණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි.
ලෝක දෘෂ්ටි දිනය අදට (09) යෙදී තිබේ.
අගවිනිසුරු මොහාන් පීරිස් ජනාධිපතිවරයා සමඟ පසුගිය සතියේ වතිකානු සංචාරයට එක්වීම මගින් ඔහුගේ පක්ෂග්‍රාහීභාවය පැහැදිලිව ප්‍රදර්ශනය වන බව හිටපු අගවිනිසුරු සරත් සිල්වා පවසයි.
බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “හුඩ්හුඩ්” චණ්ඩ සුළි කුණාටුවේ බලපෑම නිසා, දිවයිනේ නිරිත දිග කොටසේ සහ උතුරු කොටසේවැසි ද දිවයිනේ සහ දිවයින අවට මුහුදේ තද සුළං සහිත කාලගුණ තත්ත්වයක් දඅපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් අද උදෑසන කාර්යාල දුම්රිය කිහිපයක් ද නතර කිරීමට සිදුව තිබේ.
මහනුවර නගරයේ විලියම් ගොපල්ලව මාවතේදී අද අලූයම සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු තුවාල ලබා ඇත.