සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනත් පුද්ගලයකුගේ නමින් පුවත්පත් සාකච්ඡාවක් සඳහා පෙරවරු 10 ට කොළඹ නව නගර ශාලාව  වෙන් කැර ඇතැයි ලැබුණු ආරංචි අනුව දෙස් විදෙස් මාධ්‍යවේදීහු එහි  රොක් වී සිටිති.

ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා තොරාගෙන ඇති බව එම ආරංචිමාර්ග තහවුර කරයි. මේ සම්බන්ධයෙන් වන නිල නිවේදනය අද දින නිකුත් කෙරෙණු ඇති බවද වාර්තා වේ. මේ අතර සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන නිල ප‍්‍රකාශනය පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

MaithreepalaSirisenaසෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා අද හෝ හෙට ආණ්ඩුවෙන් ඉවත් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එ.ජ.නි.ස. ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද සවස එ.ජා.ප. එක් වී තිබේ.

මේ දින වල ජනාධිපතිවරයා විසින් සරසවි වල නේවාසිකාගාර ගැටළු විසදූ බවට ප‍්‍රකාශ කරමින් වැඩ අවසන් කල නේවාසිකාගාර විවෘත කිරීමට තමා සම්බන්ධ වන බව හා සරසවි වල සියළු ප‍්‍රශ්ණ තමා විසින් විසදන බව කියමින් රූපවාහිනී වෙළද දැන්වීම් ප‍්‍රචාරය කරන බව අත්කර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසයි.

දැනට සුඵ මොහොතකට පෙර ජාතික හෙළ උරුමය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩ වාසය කරන විහාරස්ථානයට එල්ල වු තර්ජනය  කැෆේ සංවිධානය දැඩිව හෙළා දකී. මෙහිදී විහාරස්ථානය තුළට ගල් ප්‍රහාර දෙකක් එල්ල වු බව ආරංචි මාර්ග සදහන් කරයි.

ඉන්දුනීසියාවේ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී සිටින සරණාගතභාවය ඉල්ලා සිටින්නන්හට 2014 ජූලි මස 01 වැනි දින හෝ ඉන් පසු කාලය තුළ දී තවදුරටත් ඔස්ටේ‍්‍රලියාවේ පදිංචි වීමට අවසර නොලැබෙනු ඇතැයි ආගමන සහ වෙරළාරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු ස්කොට් මොරිස්න මහතා අද නිවේදනය කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මීට සුළු වේලාවකට පෙර ඉදිරි ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කළේය.

ld add copy

Latest News

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක...

Connet With Us