ඉදිරි ජනාධිපතිවරණයදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ අපේක්‌ෂකයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා ඉදිරිපත් කිරීමට ඊයේ (19 ) රාත්‍රියේ රැස්‌වූ එම පක්‌ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබේ.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සියලුම දිස්‌ත්‍රික්‌ ලේකම්වරුන්, මැතිවරණ නිලධාරීන් හා දේශපාලන පක්‍ෂ ලේකම්වරුන්ව මැතිවරණ කොමසාරිස්‌වරයා විසින් හෙට (21 ) කොළඹට කැඳවීමට තීරණය කර තිබේ.

නව භූකම්පන මාන දෙකක් ස්ථාපිත කිරීමට භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය තීරණය කර ඇත.
රාජගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙක් අතුරුදන්වී තිබේ. 
අද දහවල් 1.30ට ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරන බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ලෝකයේ පරිත්‍යාගශීලීම රාජ්‍යයන් අතර ශ‍්‍රී ලංකාවට නව වන ස්ථානය හිමිවී අැත. ඒ ජාත්‍යන්තර ආධාර පදනම නිකුත් කළ නවතම වාර්තාවකට අනුවය. ආගන්තුක සත්කාරය, මුදල් පරිත්‍යාගය, ශ‍්‍රම පරිත්‍යාගය යන කරුණු මුල් කර ගනිමින් මෙම වාර්තාව නිකුත් කර ඇත. ඒ අනුව ලෝකයේ නව වන තැන හිමි කර ගෙන ඇති  ශ‍්‍රී ලංකාව ආගන්තුක සත්කාරය අතින් සියයට 56 ක ප‍්‍රතිශතයක් හිමිකර ගනී. 

මහින්ද රාජපක්ෂගේ එකාධිපති ආණ්ඩුව පලවා හැරීම සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයක් අවශ්‍ය බවට විශාල ඉල්ලිමක් තිබියදී ඒබව නොතකා එජාපයේ අලියා ලකුණින් තරග කළ යුතු බව කියන අය අංගොඩටවත් සුදුසු නොවන බවත් අංගොඩ ඊට වැඩිය හොඳ සිහි බුද්ධිය ඇති පිරිසක් සිටින බවත් එක්සත් වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ජාත්‍යන්තරයේ දී අවශ්‍ය සෑම විටකදීම ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීමට සුදානම් බව බෙලරුසියාව පවසයි.

ld add copy

Latest News

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දු - ලංකා ධීවර ගැටලුව ගැන සජිත් ඉන්දියාවේ දී කියු දේ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කලක් පුරා ධීවර ගැටලු පවතින බවත්, ඒ සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූලව ක...

Connet With Us