විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ සළකුණ අද(28) ප‍්‍රකාශයට පත් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

දැයට කිරුළ ප්‍රදර්ශනය සඳහා තොරණක් නිර්මාණය කළ තමන්ට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් මුදල ලැබිය යුතු බවටත්, නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි ජනප්‍රිය රංගන ශිල්පිනියකගේ සැමියා තමන්ට මෙම මුදල ලබා නොදී අගරු චෙක් පතක් ලබාදුන් බවටත් පවසා අසත්‍ය පැමිණිල්ලක් දැමූ පුද්ගලයෙකු සොයා මිරිහාන මුලස්ථාන පොලිසිය මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මහතා මහ ලේකම් ධුරය දරණ ලංකා සම සමාජ පක්ෂය ඉදිරි මැතිවරණය හේතුවෙන් අන්ත දෙකකට බෙදී ඇතැයි වාර්තා වේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ මූලික සහ ශික්ෂණ රෝහල් හැර සෙසු රෝහල් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වල සේවකයින් අද(28) සිට වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවහොත් ඔහුව යුධ අපරාධ චෝදනා සදහා යුධ අධිකරණයට ගෙන යන බවට ගෝලීය දෙමළ සන්සදය කළ ප්‍රකාශය ජනාධිපතිවරයාට වාසිදායක එකක් බවත්,  එය වර්තමාන පාලනය පවත්වා ගැනීමට ඔවුන් වුවමනා වෙන්ම කල ප්‍රකාශයක් විය හැකි බවත්   දේශපාලන විචාරකයෙකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

ලංකාව අපට සහතිකවුවා

Published in පුවත්
Thursday, 27 November 2014 14:03
ඉන්දියාවේ ආරක්ෂාව අවදානමට ලක් කරන කිසිදු පියවරක් නොගන්නා බවට ශ‍්‍රී ලංකාව සහතික වී යැයි ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් එරට පාර්ලිමේන්තුවේදී ඊයේ ප‍්‍රකාශ කර ඇත.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා වමේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා බලධාරින් බාරයේ පවතින ඉන්දීය ධිවර යාත්‍රා කඩිනමින් නිදහස් කරගැනීමට හැකිවනු ඇති බව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක සුබ්‍රමනියන් ස්වාමි පවසයි.

ld add copy

Connet With Us