කැබිනට් අනුමැතිය ලැබූ ඖෂධ පනත අද පාර්ලිමේන්තුවට

Published in පුවත්
Friday, 06 February 2015 10:07

ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියට අදාල පනත් කොටුම්පත අද (06)පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ඒ අනුව දිවයිනට ඖෂධ ගෙන ඒම, ඖෂධ වල ගුණාත්මක භාවය, ඖෂධ මිළ ගණන් සහ ඊට අදාල සියළුම කරුණු මෙම ප‍්‍රතිපත්තිය යටතේ අවධානයට ලක් කිරීමට නියමිතය.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය සක‍්‍රිය කිරීමට උත්සහ දරනු ලැබුවේය. එහෙත් එම පනත් කොටුම්පත අස්ථාන ගත වූ බවට තොරතුරුඅනාවරණ කෙරුණේය. ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ටද චෝදනා එල්ල වුණි. කෙසේ වෙතත් ඊයේ දිනයේදී ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියට අදාල පනත් කොටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුයේය.

මේ අතර ඉදිරි වසර පහ තුළදී මෙරට තුළ ඖෂධ සහ ඊට අදාල උපකරණ නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ හරහා විදේශයන්ට ඇදී යන විශාල මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවන බව ඔහු කියා සිටියේය.

මෛත්‍රීට නොහැකිවූ දේ රාජිත කරයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us