ඉදිරි ජනාධිපතිවරණ මැතිවරණයේදී තමන් සහයෝගය දක්වන්නේ කුමන අපේක්ෂකයායදැයි අද(08) තීන්දුවක් ගන්නා බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරුණික පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය පවසයි.

සියළුම රජයේ අමාත්‍යංශය ලේකම් ඇතුලු නිලධාරින් දේශපාලනයට සම්බන්ධ මැතිවරණ ප්‍රචාරණ කටයුතු නොකල යුතු බවද, පක්ෂක්ග්‍රාහිව කටයුතු නොකළ යුතු බව ද  මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

යටිනුවර කඩුගන්නාව ප්‍රදේශයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ මහනුවර රැළියේ පෝස්ටර් අලවමින් සිටි කණ්ඩායමට අද(08) අළුයම අලුයම 1.30 පමණ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

හිරියාල ආසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අමාත්‍ය සාලින්ද දිසානායක මහතා හා ඉබ්බාගමුව ප්‍රාදේශීය සභා සභාපති යූ.කේ. සුමිත් මහතා ඇතුළු පිරිසක් ගිණි අවි වලින් සන්නද්ධව පැමිණි බව තමන්ට පහර දුන් බව තුවාල ලැබූ ආසිරි කුමාර මහතා පවසයි.

ඊයේ (08) එනම් නාම යෝජනා බාර ගැනීමේ දිනයට පෙර දින දිවයිනේ ස්ථාන ගණනාවකින් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වාර්තා වී තිබේ.

මෙවර ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා බාරදීමෙන් පසු විරෝධතා ගොනුකිරීමට ලබාදුන් කාලයේ විරෝධතා දෙකක් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට යොමුකර තිබේ.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා මීට ස්වල්ප මොහොතක‍ට පෙර මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වූ බව වාර්තා වෙයි.

මහින්ද රාජපක්ෂ මහතාද එළඹෙන ජනපතිවරණය සඳහා තම නාමයෝජනා පත්‍රය මීට ටික වේලාවකට පෙර මැතිවරණ කොමසාරිස්වරයා වෙත බාර දුන්නේය.

ld add copy

Connet With Us