බි‍්‍රතාන්‍යයේ විදේශ කටයුතු නියෝජ්‍ය අැමති අද ලංකාවට

Published in පුවත්
Wednesday, 28 January 2015 10:28

බි‍්‍රතාන්‍යයේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වේයර් මහතා අද (28) සිව් දින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණිමට නියමිතය. ඔහු තම ශ‍්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු රජයේ ප‍්‍රධානීන් හමුවී සාකච්ඡා පවත්වන බව බි‍්‍රතාන්‍ය විදේශ අමාත්‍යංශය නිවේදනය කලේය.

ශ‍්‍රී ලංකාවේ නව රජයක් බලයට පත් වීමෙන් අනතුරුව මෙරට නිල සංචාරයක නිරත වන පළමු රාජ්‍ය තාන්ති‍්‍රකයා වන්නේද හියුගෝ ස්වේයර් මහතාය.

මේ අතර අමෙරිකාවේ දකුණු ආසියානු කටයුතු භාර සහකාර ලේකම් නීෂා බිස්වාල් මහත්මියද ඉදිරි සතිය තුළ මෙරට සංචාරයක නිරත වීමට නියමිතය. ලංකාවේ නව දේශපාලන වෙනසත් සමග දෙරට අතර සබදතා තර කර ගැනීම මෙම සංචාරයේ අරමුණ බවට තොරතුරු වාර්තා වේ.

යුරෝපය විසින් ශ‍්‍රී ලංකාවේ මත්ස්‍ය නිෂ්පාදන මිල දී ගැනීම තහනම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා මේ වන විට ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ද යුරෝපයේ නිල සංචාරක නිරතය.බෙල්ජියමේදී යුරෝපා බලධාරීන් සමග මෙම සාකච්ඡා පැවැත්වෙන අතර මංගල සමරවීර මහතා හෙට දින යළිත් දිවයිනට පැමිණිමට නියමිතය. එමෙන්ම මාර්තු මාසයේ 14 සහ 15 යන දෙදින තුළ ඉන්දීය අග‍්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ‍්‍රී ලංකාවට පැමිණෙන බවට ඊයේ(27) නිවේදනය කර තිබුණේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us