මෛත්‍රිය හා නීතියේ ආධිපත්‍යය එකට පටලවා නොගන්න - හිරුණිකා

Published in පුවත්
Wednesday, 28 January 2015 08:25

මෛත්‍රිය සහ නීතියේ ආධිපතයි එකට පටලවා නොගන්නා ලෙස තමන් ජනාධිපති ප්‍රමුඛ වත්මන් ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටින බව බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඊයේ ( 27 වැනිදා) පැවසුවාය.

කුඩු මුදලාලිලා, ළමා අපචාරකයන්, ස්‌ත්‍රී දූෂකයන්, වංචනිකයන් නීතිය හමුවට ගෙන ඒම සැබෑ යහපාලනය බවත් තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් යුක්‌තිය ඉටු වන තුරු රටේ ජනතාව බලා සිටින බවත් ඇය සඳහන් කළාය.

අවුරුදු 3 ක්‌ තිස්‌සේ නඩු කියලා කරන්න බැරි වුණු ඒ දෙය මේ වසරේදී ඉටු කර තම පියාගේ ඝාතකයන් නීතියේ ආධිපත්‍යයට යටත් කිරීම තම අභිලාෂය බවත් ඇය කීවාය.

කොළොන්නාව භාරත ලක්‍ෂමන් පිළිරුව අභියස පැවැති සමරු උළෙලේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය මෙම අදහස්‌ පළ කළාය.


ඉකුත් 2011වසරේ ඔක්තෝබර් මස 08වැනි දින වෙඩිප‍්‍රහාරයකට ලක්ව ජිවිතක්‍ෂයට පත්වු හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී අභාවප‍්‍රාප්ත භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ 59වැනි ජන්ම දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට ඉදිකර ඇති භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ පිළිරුව ඉදිරිපිටදි ඊයේ පැවැත්විණි.


මෙම අවස්ථාවට පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ බිරිඳ වන සුමනා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය සහ දියණිය වන හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය ද සහභාගි වී සිටි අතර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීය.

barata-27--2barata-27--3barata-27--4

 

Last modified on Wednesday, 28 January 2015 08:29

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us