"සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජෙනරාල්ලා අට දෙනෙක්‌ ඉන්නවා. නියෝජ්‍ය ජෙනරාල්ලා පඳුරු ගාණක්‌ ඉන්නවා. නමුත් අද මේ උත්සවයට ජෙනරාල්ලා, නියෝජ්‍ය ජෙනරාල්ලා පඳුරු නෙමෙයි, සෝල්ජර් කෙනෙක්‌වත් ඇවිත් නැහැ. එහෙම අයත් එක්‌ක තමයි, අපට වැඩ කිරීමට වෙලා තියෙන්නේ" යෑයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (22 වැනිදා) ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ පැවැති උත්සවයකදී පැවැසීය.

දිය ඇළි , ගංගා ජල පෝෂිත ප‍්‍රදේශ හා අනෙක් ජල මූලාශ‍්‍ර අශ‍්‍රිතව  කුඩා විදුලි බලාගාර 108 ඉදිකිරීමට  බලශක්ති අමත්‍යංශය මේ වන විට සැළසුම් සකස්කර ඇත.

මෙරට භික්ෂූන් වහන්සේලා ලියාපදිංචි කිරීමේදී වැදගත්  සාධකය  වන්නේ නිකාය හා පාර්ශවය බවත් කිසිදු නිකායකට අයත් නොවන විහාරස්ථානයක් හෝ භික්ෂූන් වහන්සේ නමක් සිටිය නොහැකි බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රපේ‍්‍රම ගමගේ මහතා පැවසුවේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අවශ්‍ය නවීන උපකරණ මිලදී ගැනීමට 2014 දී රුපියල් බිලියන 3.8ක් වෙන් කර අැත.නමුත් අට වෙනි මාසයත් අවසන් වෙමින් තිබුණත් තවමත් බිලියනයකවත් උපකරණ මිලදී අරගෙන නොමැති බව මෛත්‍රීපාල සිරිසේන මහතා අද කරාපිටිය රෝහලේ දී පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරු පස් දෙනෙකුට සිය පත්වීම් ලිපි භාර දීම අද දින (22) සිරිකොත මූලස්ථානයේ දී සිදු කෙරුණි. 

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරයා ලෙස අද (22දා) උදෑසන එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තේය.

ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයන් හී ව්‍යාපාරික ස්ථාන ලෙස ලියාපදිංචි වී පවත්වාගෙන යන ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ආයුර්වේද දෙපාර්තමේන්තුවට නැතැයි දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21) ප්‍රකාශ කළේය.

ලොව පුරා මෙන්ම මෙරටද මේ දිනවල ඉතා ජනප්‍රිය Ice Bucket Challenge වැඩසටහනේ සම නිර්මාතෘ කෝරි ග්‍රිෆින් (Corey Griffin) කිමිදුම් ක්‍රීඩාවේ නිරතව සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇත.

ld add copy

Latest News

දන්සල් සඳහා නීති රැසක්

දන්සල් සඳහා නීති රැසක්

වෙසක් පොහොය ඇතුළු ප්‍රධාන පොහොය දිනයන්හිදී පවත්වන දන්සල් සඳහා අරමුදල් හෝ ආධාර රැස් කරන්නේ නම් එය අදා...

Connet With Us