තමා අධ්‍යාපන අමාත්‍යධුරයට පත් වන අවස්ථාවේ මිලියන එක්දහස් දෙසීයක අයිරාවක් පැවති රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මේ වන විට බිලියන 2.3ක ලාභයක් ලබන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

රෝයල් පාර්ක් නඩුවේ මරණ දඬුවම හිමිව සිටි විත්තිකරු ජනාධිපති සමාවෙන් නිදහස් කිරීම මූලික මිනිස් අයිතිවාසිකම් කඩ කිරීමක් ලෙස ‍ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව ඉතාම පැහැදිලි අනාගත ජනාධිපතිවරුන්ට පූර්වාදර්ශයක් කරගත හැකි තීන්දුවක් බව හිටපු මානව හිමිකම් කොමසාරිස් ආචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පැවැසීය.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය එන්ජින් රියදුරන් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා අද (07) නිවිතිගල කලාපයේ පහත සඳහන් කොට්ඨාසලවල රජයේ පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (07) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකිය.

රා ඇතුළු කිතුල්, තල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන දේශීයව නිෂ්පාදනය කිරීම හා අපනයනය සම්බන්ධයෙන් පැවති බාධා ඉවත් කිරීම සඳහා කඩිනමින් පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට ජාතික ආර්ථික හා භෞතික සැළසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් උපදෙස් දෙන ලදි.

දුම්රිය රියදුරන්ගේ උසස්වීම් ප්‍රමාදවීමේ ගැටලුව ඇතුළු ගැටලු කීපයක් මුල්කරගනිමින් ‘ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස්’ දුම්රිය රියදුරු සංගමය අද (6) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කරන බව  පවසයි.

ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේ කාරක සභා අවස්ථාවෙන් අනතුරුව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ තෙවන වර කියවීම සංශෝධන සහිතව සම්මත වූ බවය. ඒ ඡන්ද විමසීමකින් ද තොරවය.

ld add copy

Latest News

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

හෙටින් ආරම්භ වන අපොස උසස් පෙළ විභාගයට සියලු කටයුතු සූදානම්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්ත...

Connet With Us