ජනාධිපතිවරණයේ දී මනාප දෙකකට ඉඩ

Published in පුවත්
Friday, 30 August 2024 15:36

මෙවර ජනාධිපතිවරණයේදී එක් අපේක්ෂකයකුට තම ඡන්දයත් තවත් අපේක්ෂකයන් දෙදෙනකුට පිලිවෙලින් දෙවන හා තුන්වන මනාපත් ඡන්ද පත්‍රිකාවේ ලකුණු කිරීමට හැකියාව ඇතැයි ද අවශ්‍ය නම් ඡන්දය පමණක් ලකුණු කිරීමට හැකියාව ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කිරීමට නම් එම අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියෙන් ඇති කොටසේ " 1" ඉලක්කම ලකුණු කළ යුතුය. ඉන්පසුව 2 හා 3 ඉලක්කම් සලකුණු කර තමන් කැමති අපේක්ෂකයන්ට දෙවන හා තෙවන මනාප දැක්විය හැකි බවත් මැතිවරණ කොමිෂන් සභාව කියයි. දෙවන හා තෙවන මනාප ලකුණු නොකළත් එක් අපේක්ෂකයෙකුට ඡන්දය ලකුණු කළ හැකිවේ.

ඡන්දදායකයන් සිය චේතනාව ඡන්ද පත්‍රිකාව මත කරනු ලැබූ යම් සලකුණක් පැහැදිලිව පෙනෙන විට (උදාහරණයක් ලෙස කතිරය ලකුණ පමණක් ලකුණු කර ඇති විට) එය වලංගු ඡන්දයක් සේ සලකන බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙයි.

කෙසේ වුවද කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු නොකිරීම, එක් අපේක්ෂයෙකුට වඩා ඡන්දය ලකුණු කිරීම, එක් අපේක්ෂකයෙකුට "1" හා තවත් අපේක්ෂකයෙකුට කතිරය ලකුණ යොදා ඇතිවිට ඡන්දය නොමැතිව දෙවන හා තෙවන මනාප පමණක් ලකුණු කර ඇති විට, "1" හැර වෙනත් සලකුණක් සමග 2 හා 3 මනාප ලකුණු කර ඇතිවිට ඡන්දදායකයා හඳුනාගත හැකි වන පරිදි යම් දෙයක් ලියා හෝ සලකුණු කරනු ලැබූ විට සහ 1,2,3 ට වඩා ඡන්දය හා මනාප ලකුණු කර ඇති විට එම ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප වූ ඡන්ද පත්‍රිකා ලෙස සැලකෙන බවද මැතිවරණ කොමිෂන් සභාව අද (30) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

- ලංකාදීප 

Screenshot 2024 08 30 153233

Last modified on Friday, 30 August 2024 15:37

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us