රනිල් වික්‍රමසිංහ ජනපතිගේ සාර්ථකත්වය බලා සිටින්නට බැරි දේශපාලන කණ්ඩායම් වේදිකා ගානේ නැග මඩ ප්‍රචාර ගෙන යමින්  බලය ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන  පැවසීය.

බරපතළ වැඩසහිත වසර තුනක සිරදඬුවම් නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ද්‍රඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ 

බිත්තරයක් අද (22) සිට රුපියල් 42කට වෙළෙඳපොළට නිකුත් කරන බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසා තිබේ. 

ගුරු-විදුහල්පතිවරු අද (22)  සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ගුරු සහ විදුහල්පති සංගම් පවසයි.

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

රටේ අනාගතය දේශපාල න්‍යාය පත්‍ර අනුව සකස් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොතබන බවත්, රටේ න්‍යාය පත්‍රය අනුව දේශපාලනය සකස් විය යුතු බවත් අවධාරණය කළජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම ගමනට එක්වන ලෙස තමා සජිත් ප්‍රේමදාස මහතාට සහ අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කරන බවද පැවසීය.

විදේශගත ශ්‍රමිකයන් සිය සේවා කාලය අවසන් කර නැවත රටට පැමිණි පසු ඔවුන්ට අභිමානයෙන් ජීවත්විය හැකි පරිසරයක් ගොඩනඟා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත්විය යුතු බවට වන යෝජනාව අද (21) පස්වරුවේ පැවති “එක්ව ජය ගමු - අපි ගම්පහ” ජන හමුවේ දී ගම්පහ දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඉදිරිපත් කළ අතර සියලුදෙනා දෑත් ඔසවා එය ඒකමතිකව සම්මත කර ගනු ලැබීය.

ld add copy

Connet With Us