ඌව හිටපු මහ ඇමති විජයමුණි සොයිසා එජාපයට

Published in පුවත්
Saturday, 10 August 2024 14:02

සමගි ජන බලවේගයේ කටාන ආසන සංවිධායක ලෙස කටයුතු කල විජයමුණි සොයිසා අද (10) දිනයේදී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය
කර ඇතැයි වාර්තාවේ.

හිටපු කැබිනට් අමාත්‍යවරයකු හා ඌව මහ ඇමතිවරයා ලෙස ද කටයුතු කර ඇති විජමුණි සොයිසා පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය යටතේ ගම්පහ දිස්ත්‍රීක්කයට තරඟකර මනාප 35879 ලබාගෙන අංක 6ට පැමිණියේය. ඉදිරියේදී සජබ ගම්පහ මන්ත්‍රී ලයිස්තුවේ යම් පුරප්පාඩුවක් සිදුවුවහොත් මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පත්වීමට නියමිතව ඇත්තේ ද ඔහුය.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන පරිදි, අද (10) දහවල් 10ට විජයමුණි සොයිසා විසින් බිබිල විජයමුණි සංස්කෘතික මධ්‍යස්ථානය ක්‍රිඩාංගනයේ දී දැවන්ත ජනරැලියක් සංවිධානය කර තිබේ.

මෙම ජනහමුවේ වේදිකාවට එජාප, පොහොට්ටු, සජබ ආදී සියලු පක්ෂ වල ජනතා නියොජිතයන් ගොඩ වදිනු ඇතැයි ද පැවසේ.

2001 වසරේ පැවති මැතිවරණයේදී ශ්‍රීලනිපය ප්‍රමුඛ සන්ධානය හම්බන්තොට හා ගම්පහ දිස්ත්‍රීක්ක වලින් පවා අන්ත පරාජයකට පත්වූ අවස්ථාවේදී එම සන්ධානය ජයග්‍රහණය කල එකම දිස්ත්‍රීක්කය වන්නේ මොනරගලයි. ඒ, විජිත් විජිතමුනිගේ නායකත්වයෙනි.

තමා සමගි ජන බලවේගයෙන් ඉවත්වීමට බලපෑ හේතු විජිත් විජිතමුණි සොයිසා විසින් අද දිනයේදී රට හමුවේ ප්‍රකාශ කිරීමට නියමිතව ඇතැයි ද පැවසේ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us