බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,  ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (07) ප.ව. 2.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙරට දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට පමණක් බවත් පක්ෂයට අවශ්‍ය ලෙස රටේ ආර්ථිකය සකස් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව අඩු ආදායම්ලාභී පවුල්වලට මාස දෙකක් සඳහා එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 20ක් ලබා දීමට පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවිය.

වර්තමාන සමාජය තුළ මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේදයක් වන eZ Cash සහ M Cash භාවිත කරමින් මත්ද්‍රව්‍ය සඳහා මුදල් ගෙවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් 2024.04.06 දින සිට 2024.04.10 දින දක්වා යුක්ති මෙහෙයුමට සමගාමීව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි ආරම්භ කර ඇත.

ග්‍රාම නිලධාරීන් සඳහා ගෙවනු ලබන දීමනා සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසූ බව ලංකාදීප පුවත් පත වාර්ථා කරයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද (06) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පැවැත්වේ.

ld add copy

Connet With Us