කම්කරු දිනෙන් පසු අද (02) දින නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ එළවළුවල සිල්ලර මිල ගණන පහතින් දැක්වෙනවා.

2024 මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19,131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය විසින් පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය මැයි මස 13 වන දින සිට නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.

අද (02) දිනයේදී බස්නාහිරසබරගමුවමධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ලමාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කර සිටියි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ගයාශාන් නවනන්දන එක්සත් ජාතික පක්ෂය සමග අද එක්වී ඇති බව තොරතුරු වාර්තාවේ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අද (01) උදෑසන ගාල්ල සිට කොළඹ බලා දුම්රියෙන් පැමිණි බව වාර්තා වෙයි.

අද පස්වරුවේත් ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ld add copy

Connet With Us