ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය ළඟාකර ගැනීම සඳහා පැවති අවිනිශ්චිතතාවයන් සියල්ල මේ වන විට ඉවත්ව ගොස් තිබෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ  පැවසීය.

IOC සමාගම විසින් අද (02) ඔක්ටේන් 100 පෙට්‍රල් වෙළෙඳපොළට නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර තිබේ.

පානිය ජලය සපයා ගැනීම සඳහා, යාපනය දිස්ත්‍රික්කයේ ජනතාවට වැසි ජලය රැස්කර ගැනීමේ ටැංකි ඉදිකිරීමට ඉන්දියාව ඉදිරිපත්වී තිබෙන බව වාර්තාවේ.

පාර්ලිමේන්තු සභාවාරයේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කල පැනයක් හමුවේ ජනාධිපතිවරයා  එම පැනයට පිළිතුරක් ඉදිරිපත් කර තිබේ.

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ කාන්තාවන් ආර්ථික වශයෙන් සවි බල ගැන්වීම වන යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

බස්නාහිර සහ උතුරු පළාත්වල ඩෙංගු රෝගය පැතිරයාමේ අවදානමක් යළි වර්ධනය වෙමින් පවතින බව වාර්තාවේ. 

විදුලි බිල අඩුවීම එළැඹෙන 16 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු පවසා සිටියි.

ඉදිරි වගා කන්න හයක් තුළ වී අස්වැන්න දෙගුණ කර ගැනීමේ ඉල­ක්කය සපුරා ගත හැකි බව කෘෂි­කර්ම හා වැවිලි කර්මාන්ත අමා­ත්‍යාං­ශයේ ලේකම් ජානක ධර්ම­කීර්ති  පැව­සීය.

ld add copy

Latest News

Connet With Us