පවතින ආර්ථික අර්බුදය හමුවේ පවුල තුළ තිබෙන මූලික සබඳතා අඩු වී සමාජය කඩා වැටීමකට ලක්ව ඇතිබව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එම්.ටී.එම්. මහීස්  ප්‍රකාශ කළේය.

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලැබේ.

එළැඹෙන අප්‍රේල් මාසයේදී කොළඹ වරාය නගරයේ ඉදිකළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කිරීමට නියමිතය.   කොළඹ වරාය නගරයේ දැන් ඉදිරීම් අවසන් වෙමින්  පවතින දකුණු ආසියාවේ ප්‍රථම නාගරික තීරු බදු රහිත (downtown duty-free store) සාප්පු  සංකීර්ණය  විවෘත වීම ඓතිහාසික ආර්ථික සන්ධිස්ථානයක් නිර්මාණය කරනු ඇත.

ජපන් රජයේ ආධාර යටතේ මෙරට සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුලු ප්‍රවාහන කටයුතු සදහා ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක ප්‍රදානයක් ලැබී තිබෙනවා.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද (19) කොළඹ දී ආරම්භ වේ.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂණ හා වංචා ක්‍රියාකාරකම්වල යෙදීම කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස හඳුනා නොගන්නා දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව වාර්තා වේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා මේ මොහොතේ කිසිදු සහයක් ලබා නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය ප්‍රකාශ කරන්නේ එය කුමන්ත්‍රණයක් ලෙස හඳුන්වමිනි.

වතුකරයේ කම්කරු ජනතාව වෙනුවෙන් නිවාස 10,000ක් ඉදිකිරීම සඳහා ඉන්දීය රජයේ මුල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතියේ තවත් අදියරක ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ld add copy

Connet With Us