පිළිකා ප්‍රතිකාර සඳහා දියුණු උපකරණ ගන්න කැබිනට් අනුමැතිය

Published in පුවත්
Wednesday, 10 July 2024 14:45

ලංකාවේ පිළිකා රෝගීන් උදෙසා අධි බල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව වාර්තාවේ.

පිළිකා සත්කාරක සේවා සඳහා යොදා ගනු ලබන රේඛීය ත්වරණකාරක යන්ත්‍ර 14ක් අදියර 2ක් යටතේ සැපයීම පිණිස එක්සත් රාජධානියේ ඉලෙක්ටා සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර 2013 වර්ෂයේ දී ගිවිසුමකට එළඹ ඇත.

ඒ අනුව එම ව්‍යාපෘතියේ පළමු අදියර මේ වන විට ක්‍රියාත්මක කර ඇති අතර දෙවන අදියර මේ දක්වා ක්‍රියාත්මකව නොමැත.

මේ වන විට යොදා ගනු ලබන නවීන පිළිකා සත්කාරයේ ප්‍රමිතිගත බොහෝ වැදගත් අංගයන් 2013 වසරේදී අත්සන් කරන ලද මුල් ගිවිසුමේ පිරිවිතර තුල නොපවතින බැවින්, වැඩි දියුණු කරන ලද යන්ත්‍ර සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු විසින් යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු විසින් ඉදිරිපත් කළ නිර්දේශ සහ තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශය මත පදනම්ව මහනුවර ජාතික රෝහල, කරාපිටිය ජාතික රෝහල, යාපනය ශික්ෂණ රෝහල සහ මඩකලපුව ශික්ෂණ රෝහල වෙත පළමු අදියර යටතේ සපයා දී ඇති රේඛීය ත්වරණකාරක යන්ත්‍ර වැඩි දියුණු කිරීමටත්, දෙවන අදියර යටතේ රත්නපුර, බදුල්ල, හම්බන්තොට, අනුරාධපුර සහ කුරුණෑගල යන රෝහල් 5 සඳහා නවීනතම වර්ගයේ විකිරණ චිකිත්සක උපකරණ ප්‍රමුඛතා පදනම මත 2024- 2026 මධ්‍යකාලීන අයවැය රාමුව තුළ සපයා ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

- ලංකාදීප

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us