ගෝඨාගේ දකුණු අත දැන් සජිත් ගාව..උපදේශකයත් සජිත් ගාව
හිටපු ජනාධිපතිගේ ඉතාම කිට්ටුවන්තයෙකු මෙන්ම හිටපු හමුදාපති සහ වරාය අධිකාරියේ හිටපු සභාපති වන දයා රත්නායක තමන්ගේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශකයෙකු කරගත් සජබ නායක සජිත් ප්‍රේමදාසට දැන් කිසිදු හිරිකිතයකින් තොරව ගෝඨාභය වුවද සජබයට එකතුර ගැනීමට පුළුවන් බව ෆීල්ඩ් මර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
පොහොට්ටුව අලුතින් සිතිය යුතු බව නාමල් රාජපක්ෂ කියයි
ශ්‍රිලංකා පොදුජන පෙරමුණත් අලුතින් සිතීමට කාලය එළඹ ඇතිබව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.
විදෙස් සංචාරකයන් මෙරට වෙළෙඳපොළෙන් භාණ්ඩ මිලදී ගැනීමේදී ගෙවන ලද වැට් බද්ද නැවත ලබා ගතහැකි (Refund) විශේෂ කවුළුවක් පෙබරවාරි මස 10 වැනිදාට පෙර කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේ විවෘත කිරීමට කටයුතු යොදා ඇතැයි ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්යක්ෂ කේ.කේ.අයි.එරන්ද පැවසීය.
පෙරටුගාමිනුත් IMF ගිහින්ද,.සහනාධාර කපන්න කියන්නේ ? - දුමින්ද
පාසල් දරුවන්ගේ හා රාජ්‍ය සේවකයන්ගේ දුම්රිය හා ලංගම සීසන් අවලංගු කිරීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට හා ලංකා ගමනාගමන මණ්ඩලයට ලාභ ලැබිය හැකි යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව පැවසීය.
මහ කන්නයේ වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලයට ලබා නොදීමට තීරණය
මුදල් අමාත්‍යාංශයේ තීරණයක් අනුව මහ කන්නයේ වී මිලදී ගැනීම වී අලෙවි මණ්ඩලයට ලබා නොදීමට තීරණය කර තිබේ.
අධිවේගි මාර්ග භාවිත කිරීමේදී නව නීති හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
කොළඹ වරායට සේන්දුවන නෞකා සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. ඒ, රතු මුහුද ආශ්‍රිතව පවතින ගැටුම්කාරි තත්ත්වය හමුවේය.
මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගිලන්රථ සේවාව (Air Ambulance service) මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට නියමිත බව නාවික, වරාය සහ ගුවන් සේවා අමාත්‍යාංශය ඊයේ ප්‍රකාශ කළේය.