විපක්ෂයේ විරෝධය මැද, කතුන් සවිබල ගැන්වීමේ කෙටුම්පත  සම්මත වෙයි

Published in පුවත්
Friday, 21 June 2024 11:52

කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ (20) සම්මත කෙරිණි.

මෙහිදී විපක්ෂය මඟින් පනත් කෙටුම්පතට ඉදිරිපත් කළ ඇතැම් යෝජනා පිළිනොගත් අතර, එහිදී පැවැති ඡන්ද විමසීමේදී එම යෝජනා භාර ගැනීම වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.

මෙම අවස්ථාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ද ඇතිවී තිබිණි.

2024 මැයි මස 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය ජූනි 4 වැනිදා පවත්වා කල්තබන ලද අතර විවාදය ඊයේ දෙවැනි දිනටත් පැවැත්විණි.

මෙරට කාන්තාවන් සවිබල ගැන්වීම අරමුණු කරගත් මෙම පනත් කෙටුම්පත මඟින් ‍කාන්තාවන් පිළිබඳ ජාතික කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීම සඳහා විධිවිධාන සපයා ඇත. එසේම කාන්තාවන්ගේ අභිවෘද්ධිය සහ සවිබල ගැන්වීම පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම, කාන්තා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා යන්ත්‍රණ ස්ථාපිත කිරීම සහ එකී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට එරෙහිව නඩු පැවරීම ඇතුළු ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන මෙම නව පනතෙන් ලබා දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය, ළමයින්, කාන්තාවන් හා ස්ත්‍රී-පුරුෂභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සහ කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම අමාත්‍යාංශයේ ද සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

මේ අතර යුනෙස්කෝ සඳහා වූ ශ්‍රී ලංකා ජාතික කොමිෂන් සභා පනත් කෙටුම්පතද (දෙවැනිවර කියවීම) ඊයේ විවාදයට ගැනීමෙන් අනතුරුව සංශෝධන සහිතව සම්මත විය. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය (යුනෙස්කෝ) සඳහා ජාතික කොමිෂන් සභාවක් පිහිටුවීම ඇතුළු ආනුෂංගික කාරණා සඳහා මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කෙරිණි.

- දිනමිණ 

 
 
 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us