'යළි අරගල එපා, එක්ව රට ගොඩනගන්න සියලු දෙනා එකතු වෙමු' රනිල් ඉල්ලයි

Published in පුවත්
Thursday, 25 April 2024 14:25

නැවත අරගලයකට යොමුනොවී රට ගොඩනැගීමට සියලුදෙනා එක්වන්න ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

අද කොළඹදී 'ITC Ratnadipa' අතිසුඛෝපභෝගී හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙලෙස පැවසීය.

"අවුරුදු දෙකකට කලින් මෙතෙන තිබුණේ විශාල උද්ඝෝෂණයක්. මෙතෙන තිබුණේ අරගලයක්. වටේ වට කරලා තිබුණා. අද ඒ වෙනුවට තියෙන්නේ, විශාල හෝලයක්. ITC සමාගමේ, හෝටලය මෙතැන තියෙන Ratnadipa. අවුරුදු දෙකකින් ස්ථාවරභාවය ඇති කළා. අවුරුදු දෙකකින් ආර්ථිකයට පණ දුන්නා. අපි එතැනින් ඉදිරියට යන්නේ. මෙතැන තියෙන අවුල පහුකරලා, අපි ඒ වෙනුවට අලුත් ආර්ථිකයක් හදන්න ක්‍රියාකරගෙන යනවා. කිසි දවසක ආපහු අරගලයට යන්න එපා. තමන්ගේ ආර්ථිකය ආපහු කඩා වැටිලා වැඩක් නෑ. අස්ථාවරභාවයක් ඇති කරලා වැඩක් නෑ. අපි මෙතැන ඉඳන් ඉදිරියට යමු මීට වඩා හොඳ රතන දීපයක් ඇති කරන්න."

යනුවෙනි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us