කැබිනට් මණ්ඩලයේදී ගන්නා ලද තීරණයක් පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ ප්‍රශ්න කිරීමට හැකියාව තිබේදැයි ජනාධිපති කාර්යාලය නීතිපතිවරයාගෙන් කරුණු විමසා ඇත.

ලන්දේසීන් මෙරටින් රැගෙන ගොස් තිබූ ලෙව්කේ දිසාවට අයත් කාලතුවක්කුව, රාජකීය රන් කස්තානය, රන් පිහිය, රිදී කස්තානය සහ මහ තුවක්කු දෙකක් ඇතුළු කෞතුක භාණ්ඩ එකතුවක් නෙදර්ලන්ත රජය මඟින් ශ්‍රී ලංකා රජය වෙත ඊයේ (29) නිල වශයෙන් භාර දී ඇත.

ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරද්දී පිළිකා රෝගී්න් සඳහා භාවිතා කරන ‘රිටොක්සිනන්” නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර රුපියල් කෝටි 11 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක්ද අනාවරණය වී ඇතැයි පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට අද (29) දැනුම් දුන්නාය.

මේ වසරේ ජනවාරි සිට නොවැම්බර් 27 දක්වා කාලය තුළ සිදුකළ වැටලීම්වලින් රුපියල් මිලියන 20,576ක මත්ද්‍රව්‍ය සිය භාරයට ගෙන ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින් ඔවුන් සේවය කළ ස්ථානයටම යළි අනුයුක්ත කිරීම පිළිබඳව රජයේ අවදානය යොමු වී ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසීය.

ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය කාර්යාලය කොළඹ 7 ක්‍රීඩා අමාත්‍යංශ ගොඩනැගිල්ලේ ස්ථාපිත කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු උපදෙස් දුන්නේය.

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.

2024 වසර වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලය ලාභ නොලැබුවහොත් එය ද පෞද්ගලීකරණය කිරීමට සිදුවනු ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

ld add copy

ක්‍රීඩා

Connet With Us