ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබූ ක්‍රිකට් තහනම ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

අන්තර් නිවර්තන අභිසාරී කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින අතර එහි බලපෑම හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කොළඹ කාසල් වීදිය මාතෘ රෝහලේ දී සය නිවුන් දරු උපතක් වාර්තා වී ඇති බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අජිත් දන්තනාරායන සදහන් කර ඇත.

එළඹෙන 2024 වසරේ දී එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට බෞද්ධ රාජ්‍යක් ලෙස ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේ වන විට තීරණ කර ඇති බව, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.

පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මගී පහසුකම් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා. අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ ඒ සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

කොපමණ සහල් තොග සඟවාගෙන සිටිය ද පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමට ඉඩ ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා ඩිජිටල් ප්ලේබුක් (Digital Playbook) එළිදැක්වීම පසුගිය (15) දා පැවැත්වීය.

ගාසා තීරයේ සිටින ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා ආරක්ෂිතව සිටින බවට පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත බෙනට් කුරේ පවසයි. ශ්‍රී ලාංකික පවුල් තුනකට අයත් පුද්ගලයන් 17 දෙනකු පලස්තීනය තුළ රැඳී සිටින බවට මේ වනවිට තහවුරු කරගෙන තිබෙන බවද හෙතෙම කියයි.

ld add copy

Connet With Us