මහාචාර්ය රංග ඩයස් තම සුපිරි සන්නායකය ගැන බොරු චෝදනා ප්‍රතික්ෂේප කරයි.  

Published in පුවත්
Thursday, 11 April 2024 10:43

කාමර උෂ්ණත්වයේදී ක‍්‍රියාත්මක වන සුපිරි සන්නායකයක් “Room Temperature superconductivity in Carbonaceous Sulfur Hydride” සොයාගත් ලාංකික භෞතික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතාව, ඔහු මහාචාර්යවරයකු ලෙස සේවය කල ඇමරිකාවේ රොවෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට එම විශ්ව විද්‍යාලය සූදානම් වන බව නේචර් (nature) සඟරාව වාර්තා කරයි.

මෙම පර්යේෂණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු හා දත්ත ලබා දී වෙනත් අයකුගේ පර්යේෂණ දත්ත සොරාගෙන ඇතැයි විමර්ශනයකින් හෙළි වීම ඊට හේතුව වශයෙන් දක්වා තිබේ.

ඒ අනුව අසත්‍ය තොරතුරු ඇතුලත් කර විද්‍යාත්මක විෂමාචාරයක් කර ඇතැයිද නේචර් සඟරාව වාර්තා කර ඇත. අදාල පර්යේෂණය ගැන විමර්ශනය කිරීමට පත්කළ විද්‍යාඥයන් කණ්ඩායමේ විමර්ශන වාර්තාවක් උපුටමින් නේචර් සඟරාව මෙම වාර්තාව පල කර තිබේ.

14SCI SUPERCONDUCTOR

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් රංග ඩයස් මහතා දන්වා සිටින්නේ,

ඔහු හෝ හෝ ඔහුගේ කණ්ඩායමේ කිසිදු සාමාජිකයෙකු දත්ත සොරාගැනීමක් හෝ ප්‍රබන්ධ කිරීම ඇතුළුව කිසිදු ආකාරයක පර්යේෂණ විෂමාචාරයක නිරත වී නැති බවය. මෙම චෝදනාව මුළු මනින්ම අසත්‍ය බවත්ය. ඒ බව ඔහු මේ සම්බන්ධයෙන් නිකුත් කළ ලිපියක සඳහන් වේ.

මෙම ගැටළුව ආරම්භ වුයේ තමන්ගේ "කාබනේසියස් සල්ෆර් හයිඩ්‍රයිඩ් හි කාමර උෂ්ණත්වයේ සුපිරි සන්නායකතාවය" පිළිබඳ පර්යේෂණ 2020 පත්‍රිකාවට 2021 දී කැලිෆෝනියා සැන් ඩියාගෝ විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජෝර්ජ් හර්ෂ් ගේ ප්‍රහාරයට ලක් වීමෙන් බවත් එය විද්‍යාත්මක විමර්ශනයක් සහ විවාදයක් ලෙස ආරම්භ වූ නමුත් ඉක්මනින්ම තම කණ්ඩායමට එය දැඩි හිරිහැරයක් බවට පත් වූ බවත්ය. පසුව එය තර්ජනාත්මක ප්‍රහාරයක් වූ බවත්ය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයන් නියමිත ක්‍රමවේදයන් අනුව නොවුණු බවත් තමන්ට ඒ සඳහා කරුණු දැක්වීමේ අවස්ථාව අහිමි කළ බවත් පෙන්වා දෙයි.

තම කණ්ඩායම දත්ත සොරාගැනීමක් හෝ ගොතන ලද බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැති අතර තමන් එසේ නොකළ බැවින් සාක්ෂි කිසිවක් ඉදිරිපත් නොවනු ඇතැයිද ඔහු පවසයි.

එමෙන්ම මෙම සඟරාවේ වාර්තාකරුවන්, සමාලෝචකයින්, පශ්චාත්-ප්‍රකාශන සමාලෝචකයින් සහ මගේ විවේචකයන්ට තම පර්යේෂණයේ ප්‍රතිඵල බැලීමට සහ ඒ ගැන කතා කිරීමට මගේ විද්‍යාගාරයට ආරාධනා කර ඇති, නමුත් එය භාරගෙන ඇත්තේ එක් අයෙක් පමණක් බවත් ඔහු සඳහන් කරයි.

 

ඔහු නිකුත් කළ ලිපිය.

Dias Letter to Colleagues 1Dias Letter to Colleagues 2Dias Letter to Colleagues 3Dias Letter to Colleagues4

Last modified on Thursday, 11 April 2024 10:45

Leave a comment

 

ld add copy

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us