කොටි හිතවාදීන් ඇතුළු විවිධ කණ්ඩායම් මීට පෙර අවස්ථා කිහිපයකදීත් මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කිරීමට තැත් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ක්‍රිකට් ක්ෂේත්රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් අද (27) දිනයේදී පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.
එළැඹෙන මහ මැතිවරණය ගැන එජාප ප්‍රබලයින් ගේ සාකච්ඡාවක් අද
එළැඹෙන මහ මැතිවරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයින් පිරිසක් අතර සාකච්ඡාවක් අද (27) පැවැත්වීමට නියමිතව තිබේ.
හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට...
චීන රජයට අයත් සයිනොපෙක් සමාගම විසින් හම්බන්තොට තෙල් පිරිපහදුව ඉදිකිරීමට අදාළ යෝජනාව අද (27) දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
මන්ත්‍රීවරුන් 09 කට එරෙහිව පෙත්සම් 6ක් විභාග කිරීමට ආචාරධර්ම කමිටුව දින 3ක් රැස්වේ
පාර්ලිමේන්තු ආචාරධර්ම සහ වරප්‍රසාද කමිටුව එහි සභාපති චමල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (27) සිට දින තුනක් රැස්වීමට නියමිතව තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ වර්ධනය වීමක් අද(27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2022ට සාපේක්ෂව 2023 ඔක්තෝබර් මාසය වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසා ඇත.
නව පොලිස්පතිවරයා පත් කරගැනීමට අදාළව විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද(27) පැවැත්වීමට නියමිතව තිබේ.

