අගමැතිගෙන් නන්දලාල් ට දොස්

Published in පුවත්
Friday, 05 April 2024 16:08

ශ්‍රී ලංකා මහ බැංකුවට අධීක්ෂණය කළ හැකිව තිබියදී, සමුපකාර බැංකුවල මුදල් තැන්පත් කළ අයගේ එම තැන්පතු ආරක්ෂා කිරීමට කටයුතු නොකළ බව කියමින් මහ බැංකු අධිපතිවරයා ඇතුළු ඉහල නිලධාරීන්ට අගමැති දිනේශ් ගුණවර්ධන චෝදනා කර තිබේ.


ඔහු පවසා ඇත්තේ බොහෝ විශ්‍රාමිකයන් සිය විශ්‍රාම අරමුදල් මෙසේ තැන්පත් කර ඇතත් එම සමුපකාර බැංකු කඩා වැටීම නිසා අදාළ මුදල් ලබාගත නොහැකිව වසර ගණනාවක් තිස්සේ දුක් විඳින බවත් මහ බැංකු නිලධාරීන්ට එය වගක් නොමැති බවය.

අගමැතිවරයා මෙසේ චෝදනා කර ඇත්තේ, ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් ද ඉදිරිපිටය.
ඒ අතරම බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මහ බැංකුව, සමුපකාර අංශය කැඳවා සාකච්ඡාවක් පවත්වන ලෙස ඉල්ලා සිටියත්, මහ බැංකු නිලධාරීන් කිසිත් නොකියා නිහඬව සිට ඇති බවද වාර්තා වේ.
මෙහිදී නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ මහ බැංකුව ස්වාධීන කිරීමට ගොස් පාර්ලිමේන්තුව හොඳ පරිප්පුවක් කෑ බවය.
මෙහිදී අග්‍රාමාත්‍යවරයා මතු කර ඇත්තේ නැගෙනහිර හේවාගම් කෝරළයේ සමුපකාර සමිතිය ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් සමුපකාර බැංකු කඩාවැටෙන තුරු සිට ඒවායේ දේපොළ වෙන්දේසි කිරීමට බලධාරීන් කටයුතු කිරීම සහ තැන්පතුකරුවන්ගේ මුදල ආපසු ගත නොහැකිව වසර ගණනාවක් ගතවන ප්‍රශ්නය පිළිබඳවය.

මහ බැංකුවට අසීමිත බලයක් ලබාදී ගැටලු මතුවී ඇති බවත්, සෑම නිලධාරියකුම ඉල්ලා සිටින සැම දේම දිය නොහැකි බවත් පාර්ලිමේන්තුව මේවාට වගකිව යුතු බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන පවසා ඇත.

Last modified on Friday, 05 April 2024 16:19

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

Connet With Us