පොලොන්නරුව දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශ වලට දීර්ඝ කාලයක සිට බලපා ඇති වන අලි උවදුර අවම කරලීම ගතයුතු ක්‍රියාමාර්ග සහ වන ජීවී බල ප්‍රදේශ හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද ( 20) දින පැවැත්විය.

ඇඟළුම් කර්මාන්තශාලාවල සේවකයන් සේවයට නොකැඳවා මූලික වැටුපෙන් අඩක් පමණක් ගෙවා මාස ගණන් නිවෙස් වල තබා ඇති බව නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය සඳහන් කර ඇත.

දිවයිනට පැමිණ සිටින චීන ජනපති විශේෂ නියෝජිත ශෙන් යික්න් මහත්මිය ඇතුළු පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර හමුවක් අද (20) පැවැත්වේ.

පාර්ලිමේන්තුවේ නිලධාරිනියකට ලිංගික අතවරයක් කර ඇති බවට හේෂා විතානගේ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තුව මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසනවා.

කාරක සභා පැවැත්වෙන අවස්ථාවේ දී වෙනත් කිසිදු භාහිර පුද්ගලයෙකුට එම රැස්වීම් කාමර තුළට ඇතුළු විය නොහැකි බව පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව සලසා දීමට රජය සූදානමින් සිටින බව වාර්තා වේ.

ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ වූවද රටේ ජනතාවගේ ජීවන තත්ත්වය, සහ අවදානමට ලක්විය හැකි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉදිරි වසර සඳහා වන අයවැය රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දුන් විස්තීරණ අරමුදල් පහසුකම යටතේ වන දෙවැනි ණය වාරිකය නිදහස් කිරීම දෙසැම්බර් මාසය වන විට සිදු වනු ඇතැයි විශ්වාස කරන බව වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් සදහන් කර ඇත.

ld add copy

ක්‍රීඩා

Connet With Us