රාජපක්ෂලා පහ ද රට ද, දෙකෙන් එකක් තීරණය කළ යුතුයි - චම්පික  

Published in පුවත්
Saturday, 30 March 2024 09:59

රාජපක්ෂලා පස් දෙනෙක් නැවත පාර්ලිමේන්තුවට යවනවාද නැතිනම් ඉදිරි දශකය සඳහා රට ස්ථාවර කිරීම සඳහා ජුනි මාසය වන විට අපේ ණය හිමියෝ එක්ක කතා කරලා අපේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරනවාද යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණයක් ගත යුතු බව පාර්ලිමේනතු මන්ත්‍රී මන්ත්‍රී පාඨලී චම්පික රණවක මාධ්‍යවේදීන් අමතමින් පවසයි.

මේ වසරේ සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 17 අතර පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයෙන් තම පක්ෂයට බලයට පැමිණිය නොහැකි බවත් පසුව මහ මැතිවරණයෙන් රාජපක්ෂලාට ආයෙත් බලයට එන්න බැරි බවත් බැසිල් දන්නවා, ඒ නිසා එයා බලන්නේ ඊට කලින් කොහොම හරි මහ මැතිවරණයක් පවත්වලා පාර්ලිමේන්තුවට එන්න පුළුවන්ද කියලා, යැයි ද රණවක පවසයි.

කෙසේ නමුත් පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා මුදල් වෙන් කර නොමැති නිසාත් 2024 දී ඒ සඳහා කාලයක් නොමැති නිසාත් ශ්‍රී ලංකාවේ මීළඟ ජාතික මැතිවරණය ජනාධිපතිවරණයක් වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජනයත මහතා මාර්තු 26 වැනි අඟහරුවාදා ප්‍රකාශ කළේය.

“ජනාධිපතිවරණය එනවා. පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න වෙලාවක් නැහැ, මුදල් වෙන් කරලා නැහැ. එසේ කිරීමට තැත් කිරීම නිෂ්ඵලයි.”

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයද (එජාප) පෙන්වා දුන්නේ පළමුව ජනාධිපතිවරණයක් පවත්වන බවයි. එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසුවේ ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට ජනාධිපතිවරයා බැඳී සිටින බවයි.

අයිඑම්එෆ් වැඩසටහන අවසන්වන තෙක් කිසිදු මැතිවරණයක් නෑ - රනිල්

වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ බැසිල් රාජපක්ෂ මහතා හමුවූ අතර එහිදී පළමුව කුමන මැතිවරණයක් පැවැත්විය යුතුද යන්න පිළිබඳව සාකච්ඡා කර තිබේ. ප්‍රථමයෙන් ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපතිවරයා පසුව සිය කැබිනට් අමාත්‍යවරුන්ට පවසා ඇති බවද වාර්තා වේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයා මෙහිදී අවධාරණ්‍ය කර තිබුණේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන වැඩසටහන අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කිරීම සියල්ලට පෙර විය යුතු බවය. මන්ද මැතිවරණය නිසා සිදුවිය හැකි දේශපාලනික වෙනස්කම් මත මෙම ප්‍රතිසංස්කරණ සියල්ල කඩාකප්පල් වී රට යළි අර්බුදයකට පත් විය හැකි බව ඔහු බෙන්වා දී තිබිණි. එම නිසා ලබන අගෝස්තු මාසය වන තෙක් කිසිදු මැතිවරණයක් නෙපවත්වන බවය.

මෙය රාජපක්ෂ වරුන්ගේ වුවමණාවට පසෙකට දැමීමකි. එ අනුව ජනාධිපතිවරයා රාජපක්ෂවරු දේශපාලනයෙන් ඉවත් කිරීමේ වැඩපිළිවෙක සිටින බව ඇතැම් ආරංචි මාර්ග පවසයි. කෙසේ වෙතත් ඔහු තවමත් සිය අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශ කර නොමැත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us