සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද පැය 4ක වර්ජනයක

Published in පුවත්
Monday, 01 April 2024 08:36

සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක සාමාජිකයින් අද (01)උදෑසන 6.30 සිට පැය 4 ක් සංකේත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් , රසායනාගාර ශිල්පීන් , ඖෂධවේදීන් , විකිරණවේදීන් ඇතුළු වෘත්තීය සමිති සාමාජිකයින් ඊට ඇතුළත් ය.

මහනුවර ජාතික රෝහල, කුරුණෑගල , අනුරාධපුර , රත්නපුර ශීක්ෂණ රෝහල් සහ, බදුල්ල පළාත් මහ රෝහල යන රෝහල්වල අද පැය 4 වර්ජනය ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු චානක ධර්මවික්‍රම සඳහන් කළේ ය.

මේ අතර, ජනාධිපති කාර්යාලය, සිය ඉල්ලිම් සම්බන්ධයෙන් අද දිනයේ සාකච්ඡාවකට කැඳවා ඇතැයිද ඔහු පැවසුවේ ය.

චානක ධර්මවික්‍රම පැවසුවේ, අද දහවල් 12 ට එම සාකච්ඡාව පැවැත්වෙන අතර එම සාකච්ඡාවේදි සිය ඉල්ලිම් සම්බන්ධයෙන් අවසන් පිිලිතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

අද දිනයේ ජනාධිපති කාර්යාලයේ පැවැත්වෙන සාකච්ඡාවේදී සිය ගැටලු සඳහා විසඳුම් නොලැබුණහොත් හෙට උදෑසන 6.30 ට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගකට එළැඹෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us