“ඛනිජ තෙල් ව්‍යාපාරය විදේශීයකරණයට” එරෙහිව මැයෙන් හෙට (අගෝ. 22) දිනයේදී උද්ඝෝෂණයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට පැවැත්වීමට නියමිත ය.
මෙම උද්ඝෝෂණය ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කර ඇත.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට පැමිණෙන බව ප්‍රකාශ කර නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.
රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා ඉක්මනින් යවන්න සැලසුම් කෙරේ
රජයේ නිලධාරීන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රජයේ අවධානය යොමු වී තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි දිවයිනට පැමිණිම සදහා අවකාශ සලසන්න යැයි පොදුජන පෙරමුණ ජනාධිපතිගෙන් ඉල්ලා ඇත් බව වාර්ථා වේ.
පිටි කිරි මාෆියාව ක්‍රියාත්මකයි! කිරි ගොවියා හාන්සියි! වසරක් ඇතුළත දියර කිරි නිශ්පාදනය ඉවරයි!
මෙරට දියර කිරි වලින් ස්වයං පෝශිත කරවන බව මීට වසර ගනනාවකට පෙර සිටම බොහෝ දේශපාලන පක්ෂ වල ප්‍රතිපත්ති ප්‍රකාශන වල ඇතුළත්ව තිබිණි. එසේම ආණ්ඩු බලය ගන්නා සෑම කණ්ඩායමක්ම මේ කතාව සිය දහස්වර කියා ඇත. නමුත් මේ රටේ දියර කිරි අවශ්‍යතාවයෙන් සම්පූර්ණ කිරීමට තබා පවතින තත්වය හෝ රැක ගැනීමටවත් පාලකයන් සමත් නොවන බව පෙන්වා දී ඇත.
යල කන්නයේ වී මිල දී ගැනීමේ පළමු අදියර සඳහා වී අලෙවි මණ්ඩලය රුපියල් මිලියන 2000ක් වෙන් කර තිබේ.
ගාලුමුවදොර පිටිය නිසි අවසරයකින් තොරව කිසිදු කටයුත්තකට නොදීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.
පේරාදෙණිය සෙනරත් පරණවිතාන කෞතුකාගාරය මුද්‍රා තැබුවේ හොරකම යට ගසන්නද?
පේරාදෙණිය විශ්ව විද්‍යායීය පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් සෙනරත් පරණවිතාන කෘතුකාගාරය ( The Senarat Paranavitana Teaching And Research Museum) දැන් වසරකට ආසන්න කාලයක් තිස්සෙ මුද්‍රා තබා වසා දමා තිබේ. 2021 සැප්තැම්බර් 02 වන දින විශ්වවිද්‍යාලයෙ උපකුලපතිවරයාගේ මැදිහත් වීමෙන් මෙය සිදු කර ඇතැයි පැවැසේ. එසේ නමුත් ඊටත් බොහෝ කලකට පෙර සිටම මෙම කෞතුකාගාරය විටින් විට වසා තැබීම සිදුව තිබෙන බවත් දැන ගැනිමට තිබේ.