ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම්දී තිබේ.

ඊශ්‍රායලයට එල්ල කෙරුණු දැවැන්ත ප්‍රහාරවලින් පසු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය හදිසි රැස්වීමක් කැඳවයි.

ඊශ්‍රායල - පලස්තීන අර්බුදය මගින් ගෝලීය ඉන්ධන මිල මත සිදුවිය හැකි දැඩි බලපෑම පිළිබඳ අවධානය යොමු කරමින් අප්‍රිකානු සංගමය මෙම එදිරිවාදිකම් වහා නතර කරන ලෙස ගෙන ආ  යෝජනාවට ශ්‍රී ලංකාව එකඟ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඊශ්‍රායලයට පලස්තීන හමාස් සංවිධානය එල්ලකළ දරුණු ප්‍රහාර හේතුවෙන් මැදපෙරදිග උණුසුම් වී තිබේ.

පාර්ලිමේන්තුව මගින් ස්වාධීන ප්‍රසම්පාදන කොමිසම බලාත්මක කිරීමට කටයුතු සලසමින් සිටියදී මේ රටේ ඇතැම් බලවේග ඉතාමත් සාහසික හා කූට අන්දමින් ක්‍රියා කළ ආකාරය සැලකීමේ දී අල්ලස් කොමිසමේ කටයුතු මේ ආකාරයට දුර්මුඛ හා මන්දගාමී වීමට හේතු වූ කිසියම් සැලසුම්සහගත වෑයමක් තිබෙන්නේ ද යන සැකය කිසිසේත් ම බැහැර කළ නොහැකි බවත් එම කුමන්ත්‍රණ පරාජය කර වහාම මෙම කොමිසම සඳහා සාමාජිකයන් පත් කිරීම විය යුතු බවටත් සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය රජයට බලකර සිටී.

නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පවතින බැවින් ඉදිරියේ දී පාසල් පන්ති කාමරය තුළ රැඳී සිටීම අනිවාර්ය වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය ආදාහනය කිරීමට අවසර දිය හැකි දැයි කරුණු සොයාබලා අධිකරණයට දැනුම්දෙන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (09) එම මරණය හේතු සොයා බැලීම සඳහා පත්කළ විශේෂඥ වෛද්‍ය කමිටුව වෙත නියෝග කළේය.

මේවන විටත් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකා දූත මණ්ඩලය සමඟ අමාත්‍ය මනුෂ නානායක්කාර සම්බන්ධ වී සිටින අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට එහි සිටින අපගේ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසට උපදෙස් දී ඇති බව ඔහු සිය FACEBOOK ගිණුමේ සඳහන් කර තිබෙනවා.

ld add copy

Connet With Us