නීතියට ඇඟිලි ගැසීමට දේශපාලන නායකත්වයට ඉඩ නොතිබිය යුතුයි !
නීතියේ ආධිපත්‍යයට සිදුකරන අතපෙවීම් වලක්වා ගන්නා තෙක් රටක් ලෙස ඉදිරි ගමනක් යෑමට නොහැකි බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැති උත්සවයකට එක් වෙමිනුයි උන් වහන්සේ මෙම අදහස් පළ කළේ.
අප්‍රේල් 21 පාස්කු බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් වෙත ආධාර වශයෙන් ලබා දීමට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යුරෝ ලක්ෂයක මුදලක් අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පරිත්‍යාග කර තිබුණා. ඒ යටතේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දෙව් මැදුරේ දී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වින්දිතයන් පිරිසකට මුදල් පරිත්‍යාග කිරීමටයි මෙම උත්සවය සංවිධාන කර තිබුනේ. ශ්‍රී ලංකාවේ වතිකාන අපෝස්තලික තානාපති අති උතුම් බ්‍රයන් උඩයිග්වේ අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පැවැත්වුණා.
පසුබෑමට ලක්ව තිබෙන මෙරට ආර්ථිකයට දැවැන්ත ශක්තියක් එක්කරමින් මේ වසරේ මුල් මාස 7ක කාලයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 824.9ක ආදායමක් උපයා ගැනීමට මෙරට සංචාරක ක්ෂේත්‍රය සමත්ව තිබේ.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අනුබද්ධ සංවිධානයක් වූ පොදුජන ඉංජිනේරු පෙරමුණ නියෝජනය කළ ඉංජිනේරු වෘත්තිකයන් රැසක් එම සංවිධානයෙන් ඉවත් වෙනම සංවිධානයක් ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇත. පොදු ජන පෙරමුණ පසුගිය කාලයේ කටයුතු කළ ආකාරය දැඩිව විවේචනය කරන එම කණ්ඩායම තව දුරටත් දූෂිත දේශපාලන පක්ෂයක් නියෝජනය කිරීමට තම කණ්ඩායමට කිසිදු හේතුවක් නැති බවත් අවධාරණය කරයි.
ජනපතිගේ ආර්ථික දැක්ම සමඟ එකඟයි. ඒ්ත් මේ රාජපක්ෂ හොල්මන් එක්ක බෑ - හර්ෂ
රුපියල අල්ලගෙන හිටියා වගේ වත්මන් ආණ්ඩුවත් අල්ලගෙන ඉන්න නමුත් සැබෑ ජනතා ප්‍රසාදයක් නැති ආණ්ඩුව රුපියල වගේම කඩා වැටෙන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
එළඹෙන 15 වනදා සිට තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඉදිරි වසර පහේ ජපානයේ රැකියා අවස්ථා වැඩි කොටසක් ලංකාවට !
ඉදිරි වසර 5ක කාලය තුළ ශ්‍රමිකයන් 345,150 දෙනකු සඳහා ජපානයේ රැකියා අවස්ථා හිමිව තිබෙන අතර ඉන් වැඩි සංඛ්‍යාවක් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇත.
සංශෝධිත මගී බස් ගාස්තු බස් රථ වල ප්‍රදර්ශණය කිරීම අනිවාර්ය කෙරේ !
සංශෝධිත මගී බස් ගාස්තු අගෝස්තු 9 අඟහරුවාදා සිට ලංගම මෙන්ම පෞද්ගලික බස් රථ දෙකෙහිම ප්‍රදර්ශනය කළ යුතු බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) පවසයි.
බත් පැකට්ටුවක මිල 10% ත් 15% ත් අතර අගයකින් අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙයි.
ගෑස් මිළ අඩුවීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව එම සංගමය වැඩිදුරටත් සදහන් කරයි.
මීට අමතරව ප්ලේන්ටියක් සඳහා ද රුපියල් 30ක ස්ථීර මිලක් නියම කිරීමට තීරණය කර ඇති බව ද ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියා සිටියි
කෙසේ වෙතත් බේකරි නිෂ්පාදන වල මිළ අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැත.