රථවහාන රාජකාරි වල නිරත වන පොලිස් නිළධාරීන්ට නිල ඇදුමේ පැලදිය හැකි කැමරාවක් ලබා දීමට පොලීසිය තීරණය කර තිබේ.

කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළෙන් ධාවනය කෙරුණු බස් රථ අද (11) මධ්‍යම රාත්‍රී දොළහේ සිට පිටකොටුව, බෝධිරාජ මාවත, ගුණසිංහ පුර සහ බැස්ටියෙන් මාවතේ සිට ධාවනය කෙරෙන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) ටී.එච්. ආර්. ටී. චන්ද්‍රසිරි පවසනවා.

"ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ" පනතේ විධිවිධානයන් අනුව හිටපු ජනාධිපතිවරුන් සඳහා ලබා දී ඇති නිල නිවාස ඔවුන්ට යළි රජයට භාරදීමට සිදුව තිබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

නේපාලයේ කත්මණ්ඩු නුවර ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. නේපාලයේ සිදුවු සියලුම ආකාරයේ තරුණයින් ඇතුළු මිනිස් ඝාතන තමා හෙළා දකින බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.

ආණ්ඩුව විපක්ෂය මර්දනය කිරීම සඳහා මීළග අවිය ලෙස ICCPR පනත යොදා ගනිමින් සිටින බව නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.

මේ වසරේ ගතවූ මාස 8ක කාලය තුළ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලක්ෂ 2කට අධික පිරිසක් විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි විශේෂ උත්සව අවස්ථාවන්හිදී අහස් පහන් කූඩු ගුවන් ගත කිරීමේදී ඇති විය හැකි අන්තරාදායක තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙයි.

ld add copy

Connet With Us